Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 49:30 - Sinhala New Revised Version

30 ‘හාශෝර් වැසියෙනි, පැන දුවන්න. ඈතට පලා ගොස්, එපිට තැනක වාසය කරන්නැ’යි ස්වාමීන් වන මම කියමි. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් නුඹලාට විරුද්ධ ව උපක්‍රම යොදා ඇත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 ‘හාශෝර් වැසියෙනි, පැන දුවන්න. ඈතට පලා ගොස්, එපිට තැනක වාසය කරන්නැ’යි ස්වාමීන් වන මම කියමි. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් නුඹලාට විරුද්ධ ව උපක්‍රම යොදා ඇත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 හාශෝර් වැසියෙනි, දුවන්න, ඈතට පලාගොස් දුරස්තරයෙහි වාසයකරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් නුඹලාට විරුද්ධව මන්ත්‍රණයක් කරගෙන, නුඹලාට විරුද්ධව යෝජනාවක්ද කර තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 49:30
4 හුවමාරු යොමු  

එහෙත්, අසිරියාවේ රජුගේ සිතේ වෙන ම සාහසික අදහසක් ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීමට ඔහු අධිෂ්ඨාන කර ඇත.


මම උතුරු දිශාවේ සියලු ජාතීන් ද බබිලෝනියේ රජු වන මාගේ සේවක නෙබුකද්නෙශර් ද ගෙන්වන්නෙමි. මා ඔවුන් ගෙන්වන්නේ, මේ දේශයට හා මෙහි වැසියන්ටත්, අවට ජාතීන්ටත් විරුද්ධ ව සටන් කරන පිණිස ය. මම සහමුලින් ම ඔවුන් විනාශ කරන්නෙමි. ඔව්හු නින්දාවට ද සමච්චලයට ද සදා අපවාදයට ද භාජන වන්නෝ ය.


මම මේ සියලු රටවල් මාගේ සේවක වන නෙබුකද්නෙශර්ගේ අතට පාවා දිනිමි. ඔහුට සේවය කරන පිණිස ගවමහිෂයන් පවා ඔහුට දිනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්