Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:7 - Sinhala New Revised Version

7 “එම්බා මෝවබ්! නුඹ නුඹේ බලකොටු හා සම්පත කෙරෙහි නුඹේ විශ්වාසය තැබූ බැවින් නුඹත් ගෙනයනු ලබන්නෙහි ය. කෙමොෂ් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එකට වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 “එම්බා මෝවබ්! නුඹ නුඹේ බලකොටු හා සම්පත කෙරෙහි නුඹේ විශ්වාසය තැබූ බැවින් නුඹත් ගෙනයනු ලබන්නෙහි ය. කෙමොෂ් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එකට වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 මක්නිසාද නුඹේ විශ්වාසය නුඹේ වැඩ හා නුඹේ සම්පත්ද කෙරෙහි තිබෙන බැවින් නුඹත් අසුවන්නෙහිය. කෙමොෂ්ද ඔහුගේ පූජකයෝද අධිපතීහුද එක්ව වාලට යන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:7
22 හුවමාරු යොමු  

එම්බා මෝවබ්, තිට වන විපතක මහත! කෙමොෂ් වැසියෙනි, තෙපි විනාශ යි! දරුවන් කෙමොෂ් කෙරෙන් පලා යාමටත් දැරියන් අමෝරි රජු හට වහල්කමටත් පාවා දුනි.


අහෝ, හෙෂ්බොන් වැසියෙනි! කෑමොරගසන්න; මන්ද, හායි නටබුන් ගොඩක් විය. එම්බා, රබ්බා වනිතාවෙනි! කෑගසමින්, ගෝණි රෙදි හැඳගෙන, විලාප කියමින් වැටකොටු අතරේ ඔබමොබ දුවන්න. මන්ද, මල්කාම් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එක් ව වහල්කමට යන්නෝ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැණවතා තමාගේ නුවණ ගැන වත්, බලවතා තමාගේ බලය ගැන වත්, ධනවතා තමාගේ ධනය ගැන වත් පාරට්ටු කර නොගනී වා!


“දෙවි තුමන් සරණ කොට නොගන්න මිනිසා මොහු ය; තම සම්පත කෙරෙහි විශ්වාසය තබමින් දුෂ්ටකම සරණ කොටගත් තැනැත්තා මොහු ය.”


උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.


එහෙත්, නුඹලා දුෂ්ටකම හෑවහු ය; අයුතුකම කපාගත්තහු ය; මුසාවාදයේ ප්‍රතිඵල අනුභව කළහු ය. එසේ වූයේ නුඹලා තමන්ගේ ම යුද්ධ රථ කෙරෙහි ද නුඹලාගේ විශාල භට සංබ්‍යාව කෙරෙහි ද විශ්වාසය තැබූ බැවිනි.


අහෝ, මෝවබ්! නුඹට වන විපතක මහත! කෙමොෂ්හි සෙනඟ විනාශ වී ඇත. නුඹේ දරුදැරියෝ වහල්කමට ගෙනයනු ලැබූ හ.


ඉශ්රායෙල් වංශය තමන් විශ්වාස කළ බෙතෙල් නම් දෙවියා නිසා ලජ්ජාවට පත් වූවා සේ මෝවබ් ජනයා තමන් විශ්වාස කළ කෙමොෂ් දෙවියා නිසා ලජ්ජාවට පත් වෙති.


මා මෙසේ කරන්නේ, සලමොන් ඔහුගේ පිය වූ දාවිත් මෙන් මාගේ ඇස් හමුවෙහි හරි දේ ද මාගේ පණත් ද විනිශ්චයයන් ද ඉෂ්ට නොකරමින්, මාගේ මාර්ගවල නොහැසිර, මා අත්හැර සීදොන්වරුන්ගේ දේවතාවිය වූ අෂ්ටාරොත්ට ද මෝවබ්වරුන්ගේ දේවතාවා වූ කෙමොෂ්ට ද අම්මොන්වරුන්ගේ දේවතාවා වූ මිල්කොම්ට ද නමස්කාර කළ නිසා ය.


ඇගේ ආත්ම වර්ණනාවේ හා සැප ජීවිකාවේ ප්‍රමාණයට, ඈට ශෝකය ද වද වේදනා ද දෙන්න. මන්ද, ‘මම රැජිනක් ව වැජඹෙමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකය කිසි දිනක නොවිඳිමි’යි ඈ තමාට ම කියා ගන්නී ය.


මම ද මිසරයේ දේවාල ගිනිබත් කරන්නෙමි. බබිලෝනියේ රජු ලවා ඒ දෙවිවරුන් පුළුස්සාදැමීමට හෝ ඔවුන් පැහැරගෙන යාමට හෝ සලස්වන්නෙමි. එඬේරෙකු තමාගේ ඇඳුමේ ඇති කිනිතුල්ලන් පිස දමා පවිත්‍ර කරන්නාක් මෙන් බබිලෝනියේ රජ මිසර දේශය පවිත්‍ර කර ජයාන්විත ව එතැනින් පිටත් ව යන්නේ ය.


ඔබ සමිඳුන් අමතක කළ බැවින්, අන් දෙවිවරුන් විශ්වාස කළ හෙයින් ඔබ හැමට මැන තිබෙන උරුමයත්, ඉරණමත් මෙසේ වන්නේ යයි සමිඳාණෝ වදාරන සේක.


පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි.


එකල සලමොන් ජෙරුසලම ඉදිරියෙහි වූ කන්ද මත මෝවබ්වරුන්ගේ පිළිකුල් කටයුතු කෙමොෂ් දේවතාවාටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල් කටයුතු මොලෙක් දේවතාවාටත් ගිරිකුළු දේවාලයක් ගොඩනැඟී ය.


ඔබේ දෙවි වන කෙමොෂ් ඔබට හිමි කරගැනීමට දුන් දේ ඔබට හිමි කරගත හැකි ය. එලෙස ම අපේ දෙවි සමිඳාණන් වහන්සේ අප ඉදිරියෙන් පන්නා දැමූ සියල්ලන්ගේ රට අපිත් හිමි කරගනිමු.


ඔව්හු තමන්ගේ දේව රූප එහි දමා ගියෝ ය. දාවිත් ද ඔහුගේ සෙනඟ ද ඒවා රැගෙන ගියෝ ය.


අවිශ්වාසී ජනයෙනි, නුඹලා සාරවත් මිටියාවත් ගැන පාරට්ටු කරගන්නේ කුමට ද? අපට විරුද්ධ ව පැමිණෙන්නෝ කවුරු දැ යි කියමින්, නුඹලාගේ වස්තු කෙරෙහි නුඹලා විශ්වාසය තබන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්