Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:18 - Sinhala New Revised Version

18 “අහෝ; දීබොන්හි වැසියෙනි! නුඹලාගේ තේජසින් බැස අවුත් බිම දූවිල්ලෙහි හිඳ ගන්න. මන්ද, මෝවබ් විනාශ කළ සතුරා නුඹලාට විරුද්ධ ව පැමිණ නුඹලාගේ බලකොටු විනාශ කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 “අහෝ; දීබොන්හි වැසියෙනි! නුඹලාගේ තේජසින් බැස අවුත් බිම දූවිල්ලෙහි හිඳ ගන්න. මන්ද, මෝවබ් විනාශ කළ සතුරා නුඹලාට විරුද්ධ ව පැමිණ නුඹලාගේ බලකොටු විනාශ කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 අහෝ දීබොන්හි වාසයකරන දියණිය, නුඹේ ඓශ්චර්යයෙන් හීනව බැස, පිපාසායෙන් හිඳගන්න; මක්නිසාද මෝවබ් නාස්තිකරන්නා නුඹට විරුද්ධව ඇවිත් නුඹේ බලකොටු විනාශකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:18
13 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න. බබිලොන් අඟන! සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න. තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය.


හෙෂ්බොන් සිට දීබොන් දක්වා, නාෂිම් සිට මෙදිබා අසල නෝපා දක්වා, ඔවුන්ගේ පෙළපත වැනසී ඇත.”


දීබොන් දේශයේ සෙනඟ ගිරිකුළු දේවාලවලට ගොස් හඬා වැලපෙන්නෝ ය. නෙබෝ සහ මේදෙබා ගැන මෝවබ් වැලපෙන්නේ ය. දුක් බරින් ඔවුන් තමන්ගේ හිස් මුඩු කර රැවුල් කපා ඇත.


දීබොන් ද නෙබෝ ද බෙත්-දිබ්ලාතයිම් ද


හෙෂ්බොන් හා ඊට අයිති තැනිතලාවේ තිබෙන සියලු නගර වන දීබොන් ද බමොත්-බාල් ද බෙත්-බාල්මෙයොන් ද


දැන් ඒ මිදි වැල කාන්තාරයෙහි දිය සීරා නැති වියළි භූමියක සිටුවා තිබේ.


ඔබ අනුවණයන් වන නිසා සිරකරුවන් මෙන් ගෙනයනු ලබන්නහු ය. ඔබේ නායකයෝ බඩගින්නේ මැරෙති; පොදු ජනයා පිපාසයෙන් පෙළෙති.


එවිට ඔහු ඉතා පිපාසිත ව, සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “ඔබේ මෙහෙකරුවා ලවා ඔබ ම මේ මහා ගැළවීම දුන් සේක; දැන් මම පිපාසාවෙන් නැසී අචර්මඡේදිතයන්ගේ අතට අසු වන්නෙම් දැ”යි කීවේ ය.


ඒ ප්‍රදේශය අර්ණොන් ඔය අද්දර තිබෙන අරෝයෙර් පටන් ද මිටියාවත මැද තිබෙන නුවර පටන් ද දීබොන් දක්වා තිබෙන මෙදිබාහි මුළු සමභූමිය දක්වා පැතිර තිබිණි.


“අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති,


සෙනඟ ද පිපාසයෙන් පෙළෙමින් මෝසෙස්ට විරුද්ධ ව කොඳුර කොඳුරා, “ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අප ද අපේ දරුවන් ද අපේ ගවමහිෂයන් ද පිපාසයෙන් මරාදමන්නට දැ”යි විචාළහ.


හී සැරයක් පමණ දුර ගොස් වාඩි වූවා ය. “දරුවා මැරෙනවා මා බලා ඉන්නේ කොහොම දැ”යි කියමින් ඈ ගොස් ඈතින් හිඳගත්තා ය. දරුවා ද කෑගසමින් හැඬුවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්