Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 44:18 - Sinhala New Revised Version

18 එහෙත්, අප අහස් රැජින නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කිරීමත්, ඈට පානීය පූජා වැගිරවීමත් අත්හැරිය දින සිට සෑම දේ ම අපට හිඟ වී, අපි කඩුවෙන් ද සාගතයෙන් ද නැති වුණෙමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එහෙත්, අප අහස් රැජින නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කිරීමත්, ඈට පානීය පූජා වැගිරවීමත් අත්හැරිය දින සිට සෑම දේ ම අපට හිඟ වී, අපි කඩුවෙන් ද සාගතයෙන් ද නැති වුණෙමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 නුමුත් අප විසින් අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකිරීමත් ඈට පානපූජා වැගිරවීමත් අත්හැරිය දා සිට සෑම දේම අපට හිඟවී, අපි කඩුවෙන්ද සාගතයෙන්ද නැතිවුණෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 44:18
8 හුවමාරු යොමු  

තමාට පහර දුන් දමස්කයේ දෙවිවරුන්ට ඔහු පූජා කොට, “සිරියාවේ රජුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිට වන බැවින්, ඔවුන් මටත් පිහිට වන පිණිස මම ඔවුන්ට පූජා කරමි”යි කී ය. එහෙත්, ඒ දෙවිවරු ඔහුගේ ද මුළු ඉශ්රායෙල් සෙනඟගේ ද විනාශයට හේතු වූ හ.


යම් යම් ගෙවල්වල පියසි උඩ ග්‍රහ තාරකාවන්ට සුවඳ දුම් ඔප්පු කරන්නටත්, අන් දෙවිවරුන්ට පානීය පූජා වගුරන්නටත් යෙදුණේ ද, අපවිත්‍ර වූ ඒ සියලු ගෙවල් එනම්, ජෙරුසලමේ ගෙවල් ද ජුදාහි රජවරුන්ගේ ගෙවල් ද තෝපෙත් මෙන් අපිරිසිදු වන්නේ ය.”


එවිට ඒ සියලු ජුදෙව්වරු තමන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී ජුදා දේශයේ මිශ්පාහි සිටි ගෙදලියා ළඟට අවුත්, මුද්‍රික පානය ද ඉදුණු පල ද බොහොමයක් එකතු කර ගත්තෝ ය.


ඔවුන්ගේ මව වෙසඟනකි; ඔවුන් වැදූ තැනැත්තී විලිබිය නැත්තියකි. ඈ මෙසේ කියයි: ‘මාගේ පෙම්වතුන් පසුපස මම යමි; ඔව්හු මට කෑම හා බීම ද ලොම් හා හණ ද මාගේ තෙල් හා පානය ද දෙති.’


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්