යෙරෙමියා 40:5 - Sinhala New Revised Version5 ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටිය දී, නෙබුසරදාන් ඔහු අමතා “බබිලෝනියේ රජු ජුදා නගරයේ ආණ්ඩුකාරකමට පත් කළ, ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට හැරී ගොස්, ඔබ ඔහු සමඟ සෙනඟ අතරෙහි වාසය කරන්න. නැත්නම් ඔබට යන්න පහසු යයි පෙනෙන කොතැනට නමුත් යන්නැ”යි කීවේ ය. තවද, රැකවලුන්ගේ අධිපතියා ඔහුට සෑහෙන ආහාරත්, තෑග්ගකුත් දී ඔහු යන්නට හැරියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20185 ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටිය දී, නෙබුසරදාන් ඔහු අමතා “බබිලෝනියේ රජු ජුදා නගරයේ ආණ්ඩුකාරකමට පත් කළ, ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට හැරී ගොස්, ඔබ ඔහු සමඟ සෙනඟ අතරෙහි වාසය කරන්න. නැත්නම් ඔබට යන්න පහසු යයි පෙනෙන කොතැනට නමුත් යන්නැ”යි කීවේ ය. තවද, රැකවලුන්ගේ අධිපතියා ඔහුට සෑහෙන ආහාරත්, තෑග්ගකුත් දී ඔහු යන්නට හැරියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටියදී නෙබුසරදාන් කථාකොට: බබිලෝනියේ රජු විසින් යූදා නුවරවල ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට හැරී ගොස්, නුඹ ඔහු වෙත සෙනඟ අතරෙහි වාසයකරන්න; නැත්නම් නුඹට යන්ට පහසුයයි පෙනෙන කොතනට නුමුත් යන්නැයි කීවේය. තවද රැකවලුන්ගේ අධිපතියා ඔහුට ආහාරත් තෑග්ගකුත් දී ඔහු යන්ට හැරියේය. පරිච්ඡේදය බලන්න |
එවිට එස්රා මෙසේ කීවේ ය: “ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලංකාර කරන්නට රජුගේ සිතෙහි කැමැත්තක් ඇති කළා වූ ද රජු ද උපදේශකයන් ද රජුගේ සියලු බලවත් අධිපතීන් ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලසුවා වූ ද අපේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එබැවින් මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට තිබෙන බව දැනගෙන, මා ධෛර්යවත් වී මා සමඟ යන පිණිස, ඉශ්රායෙල්වරුන් අතරෙන් ප්‍රධානීන් මම රැස් කරගතිමි.”