Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 39:4 - Sinhala New Revised Version

4 තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා ද සියලු හේවායෝ ද ඔවුන් දුටු විට, පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රජ උයන මැදින් යන පාරෙන් නගරයෙන් පිටත් ව රාත්‍රියේ පලා ගියෝ ය. ඔව්හු අරබා සමභූමියේ මාර්ගය බලා නික්ම ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා ද සියලු හේවායෝ ද ඔවුන් දුටු විට, පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රජ උයන මැදින් යන පාරෙන් නගරයෙන් පිටත් ව රාත්‍රියේ පලා ගියෝ ය. ඔව්හු අරබා සමභූමියේ මාර්ගය බලා නික්ම ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 තවද යූදාහි රජවූ ශෙදෙකියාද සියලු යුද්ධකාරයෝද ඔවුන් දුටු විට, පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රජ උයනේ පාරෙන් නුවරින් රාත්‍රියේ පිටත්ව පලාගියෝය. රජද අරබා සමභූමියේ මාර්ගයෙන් නික්ම ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 39:4
17 හුවමාරු යොමු  

ශීඝ්‍රයෙන් දුවන්නට හැකි අයට වත් බේරෙන්න බැරි වේ; සවිශක්තිය ඇති අයගේ ශක්තිය ද නැති වේ; හේවායන්ට තමන්ගේ දිවි රැකගන්න ද නොහැකි වේ.


හෙසකියා ධෛර්යය වඩා, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැඟුවේ ය. පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනඟා, දාවිත්ගේ නුවරට තිබුණු මිටියාවතෙහි ආරක්ෂා සංවිධාන මිල්ලෝ සවිකර බොහෝ ආයුධ හා පලිස් සෑදුවේ ය.


ඔවුන් අතරේ සිටින අධිපතියා ද බඩු කරට ගෙන, අඳුරු වේලේ පිටතට එනු ඇත. ඔවුන් පවුරු හාරා එමඟින් පිටත යනු අසා ඔහු තමාගේ ඇස්වලින් බිම නොදකින පිණිස තමාගේ මුහුණ වසාගනු ඇත.


“සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් ඉදිරියෙහි ඔබ පරාජය වන්නට සලසන සේක. ඔබ ඔවුන්ට විරුද්ධ ව එක මඟකින් අවුත් හත් මඟකින් පලා යන්නහු ය. මිහි පිට සියලු රාජධානීන්හි වැසියන්ට ඔබ ගොරතර භීතියක් වන්නහු ය.


“තවද, සතුරන්ගේ රටවල තවමත් පණපිටින් සිටින අය වෙත මම දරුණු බියක් එවන්නෙමි. ඔවුන් ගසක කොළයක් සෙලවෙන විට පවා පලා යනු ඇත. බියට මෙන් ඔව්හු පලා යන්නෝ ය. කිසිවෙකු ඔවුන් ලුහුබැඳ නොයද්දී පවා ඔව්හු පලා ගොස් වැටෙන්නෝ ය.


මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය.


පරණ පොකුණෙන් ගලා එන වතුර රඳවා ගැනීමට නුඹලා බිත්ති දෙක අතර ජලාශයක් තනාගත්තහු ය. එහෙත්, නුඹලා මේ සියල්ල මීට බොහෝ කලකට පෙර සකස්කර, ඒ අයුරින් සිදු වන්න සැලැස්වූ දෙවියන් වහන්සේ සැලකුවේ නැත.


ජුදාහි රජු වන ශෙදෙකියා බබිලෝනිවරුන්ගේ අතින් නොගැළවෙන්නේ ය. සැබැවින් ම ඔහු බබිලෝනියේ රජුගේ අතට පාවා දෙනු ලැබ ඔහු ඉදිරියේ මුහුණට මුහුණ ලා කතා කරන්නේ ය.


නුඹේ බඩු විප්‍රවාසිකයෙකුගේ මාර්ගෝපකරණ මෙන් දවාලෙහි ඔවුන් බලා සිටිය දී පිටතට ගෙන, මිනිසුන් විප්‍රවාසයට පිටත් ව යන්නාක් මෙන් සවස ඔවුන් බලා සිටිය දී පිටත් වන්න.


නුඹලාගේ නායකයෝ සියල්ලෝ ම පලා ගියහ. ඔව්හු එක ඊතලයක් වත් විදින්න පෙර අල්ලාගනු ලැබූ හ. එඩිතර ම අය දුර පලා ගිය නමුත්, සියල්ලෝ ම සිරකරුවන් මෙන් අල්ලාගන්නා ලදහ.


ඉන්පසු දෙවිඳුන්ගේ පූජාසනය ලෙස හැඳින්වෙන ජෙරුසලම පිට එතුමාණෝ විපත්තිය පමුණුවන සේක. එකල හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය. නගරය වුව ද, පූජාසනයක් බවට හරවනු ලැබ එය ගල්වලින් වැසී යන්නේ ය.


ශෙදෙකියා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය. ඔහු ගැන මා කරුණු විමසන තුරු ඔහු එහි සිටිනු ඇත. බබිලෝනිවරුන්ට විරුද්ධ ව ඔහු යුද්ධ කළත් ඔහු ජය නොලබන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්