Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 39:15 - Sinhala New Revised Version

15 ජෙරමියා රැකවල් මළුවේ හිර අඩස්සියේ සිටිද්දී, සමිඳාණන් වහන්සේ ඔහුට කතා කරමින්, එතියෝපීය එබෙද්-මෙලෙක්ට මෙසේ කියන්නට වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ජෙරමියා රැකවල් මළුවේ හිර අඩස්සියේ සිටිද්දී, සමිඳාණන් වහන්සේ ඔහුට කතා කරමින්, එතියෝපීය එබෙද්-මෙලෙක්ට මෙසේ කියන්නට වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 යෙරෙමියා හිරගෙයි මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ මෙසේ කීය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 39:15
8 හුවමාරු යොමු  

එවිට අධිපතීහු ජෙරමියාට විරුද්ධ ව කිපී, ඔහුට තළා හිර නිවසක් මෙන් සැලකුණ ජොනතන් ලේකම්ගේ ගෙයි ඔහු හිර අඩස්සි කළෝ ය.


ශෙදෙකියා රජ ද ජෙරමියා හිරගෙයි රැකවල් මළුවට යවන්නටත්, රොටි සියල්ල ම නගරයෙන් ඉවර වී යන තුරු දවස්පතා රොටියක් බැගින් රොටි සාදන්නන්ගේ වීදියෙන් ඔහුට ගෙන දෙන්නටත් අණ දුන්නේ ය. මෙසේ ජෙරමියා රැකවල් මළුවෙහි නැවතී සිටියේ ය.


එවිට ඔව්හු ජෙරමියා ලණුවලින් ඇද ළිඳෙන් ගොඩට ගත්හ. ජෙරමියා රැකවල් මළුවේ සිටියේ ය.


මෙසේ ජෙරුසලම සතුරන්ගේ අතට අසු වූ දවස දක්වා ජෙරමියා රැකවල් මළුවේ තබන ලදී.


ජෙරමියා රැකවල් මළුවෙන් ගෙන්වාගෙන ඔහු ගෙදරට ගෙන යන පිණිස ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර කළෝ ය. ජෙරමියා සෙනඟ අතරේ වාසය කෙළේ ය.


අපරාධකරුවෙකු මෙන් යදමින් බඳිනු ලැබ දුක් විඳින්නට මට සිදු වී තිබෙන්නේ ඒ නිසා ය. එහෙත් දේව වාක්‍යය, බැඳ තැබිය නොහැකි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්