Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 37:9 - Sinhala New Revised Version

9 බබිලෝනිවරුන් ආපසු නොඑති යි සිතමින් නොරැවටෙන ලෙස ස්වාමීන් වන මම නුඹලාට අවවාද කරමි. ඔවුන් ආපසු එනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 බබිලෝනිවරුන් ආපසු නොඑති යි සිතමින් නොරැවටෙන ලෙස ස්වාමීන් වන මම නුඹලාට අවවාද කරමි. ඔවුන් ආපසු එනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සැබවින්ම කල්දිවරුන් අප කෙරෙන් යනවා ඇත කියා නොරැවටෙන්න; ඔවුන් යන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 37:9
9 හුවමාරු යොමු  

ගල් ගුහාවල ජීවත් වන, උස් තැන්හි වාසය කරන, මා බිම හෙළිය හැක්කේ කවරෙකුට දැ යි කියාගන්න නුඹ, සිතේ අහංකාරය නිසා රැවටී සිටින්නෙහි ය.


එහෙත්, තමන් ම රවටා නොගෙන දහම් පණිවුඩය අසන්නන් පමණක් නොවී, එය පිළිපදින්නෝ වන්න.


කිසිවෙකුට කිසිසේත් ඔබ රවටන්නට ඉඩ නාරින්න. මන්ද, ඇදහිල්ලෙන් වැටී යෑම ද, විනාශයේ පුත්‍රයා වන නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වීම වන තුරු ද, ඒ දවස නොපැමිණේ.


පුහු තර්කවලින් ඔබ රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මන්ද, අකීකරුවූවන් පිට දේව උදහස පැමිණෙන්නේ මේ කාරණා නිසා ම ය.


මුළා නොවෙන්න, කිසිවෙකුට දෙවියන් වහන්සේ රැවටිය නොහැකි ය. මන්ද, මිනිසෙක් තමා වපුරන දෙය ම කපාගන්නේ ය.


කිසි වැදගැම්මකට නැති කෙනෙක් තමා වැදගත් කෙනෙක් යයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනියි.


ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘නුඹලා අතරෙහි සිටින නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද නොරැවටෙන්න; ඔවුන් දකින සිහින ගණනකට නොගන්න.


දුෂ්ටකමෙහි විශ්වාසය තැබීමෙන් ඔහු තමා ම රවටා ගනියි. මෙසේ දුෂ්ටකම ඔහුගේ දුර්විපාකය වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්