Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 34:15 - Sinhala New Revised Version

15 මෑතක දී නුඹලා නුඹලාගේ සිත් වෙනස් කරගෙන මා ප්‍රසන්න දේ කළහු ය. නුඹලාගේ සහෝදර හෙබ්‍රේවරුන්ට නිදහස ප්‍රකාශ කිරීමට මාගේ නමින් සාදන ලද දේව මාලිගාවේ දී මා ඉදිරියෙහි නුඹලා ගිවිසුමක් කළහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මෑතක දී නුඹලා නුඹලාගේ සිත් වෙනස් කරගෙන මා ප්‍රසන්න දේ කළහු ය. නුඹලාගේ සහෝදර හෙබ්‍රේවරුන්ට නිදහස ප්‍රකාශ කිරීමට මාගේ නමින් සාදන ලද දේව මාලිගාවේ දී මා ඉදිරියෙහි නුඹලා ගිවිසුමක් කළහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 නුමුත් නුඹලා අලුතකදී හැරී, එක එකා තම තමාගේ අසල්වාසියාට නිදහස ප්‍රකාශකිරීමෙන් මාගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට, මාගේ නාමය තබා තිබෙන ගෘහයෙහි මා ඉදිරියේදී ගිවිසුමක් කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 34:15
15 හුවමාරු යොමු  

ඔවුන්ගේ වහලුන් නිදහස් කර හැරීමට ජෙරුසලමේ සියලු සෙනඟ සමඟ ශෙදෙකියා රජ ගිවිසුමක් කළ පසු සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.


තවද, රජ කුළුණ ළඟ සිට, ඒ පොතේ ලියා තිබූ ඒ ගිවිසුමේ වචන ඉෂ්ට කරන පිණිස සමිඳාණන් වහන්සේ අනුව යන ලෙසත්, උන් වහන්සේගේ ආඥා ද ශික්ෂා ද පණත් ද මුළු හෘදයෙන් හා මුළු සිතින් පිළිපදින ලෙසත් උන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තේ ය. මුළු සෙනඟ ද ගිවිසුමට එකඟ වූ හ.


තමන්ගේ නායකයන් වන තමන්ගේ සහෝදරයන්ට එකතු වී, දෙවියන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අතින් දෙන ලද උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ සමිඳාණන් වහන්සේගේ ආඥා ද විනිශ්චයයන් ද පණත් ද පවත්වා ඉෂ්ට කරන හැටියටත්,


‘මුවින් මේ සෙනඟ මට ගරු කරති; සිතින් නම් මාගෙන් දුරු ව සිටිති.


මාගේ නාමයෙන් හැඳින්වෙන මාලිගාව කෙලෙසන පිණිස ඔව්හු පිළිකුල් ලෙස හැසුරුණෝ ය.


ඔව්හු දැහැමි ක්‍රියා කරන, දෙවිඳුන්ගේ නියෝග අත්නෑර සිටින ජාතියක් යයි සිතාගෙන, දවස් පතා මා සොයති; මාගේ මාර්ගයන් දැනගන්න ප්‍රසන්න වෙති; සාධාරණ විනිශ්චයයන් මාගෙන් ඉල්ලති; දෙවිඳුන් වෙත ළඟා වීමට ප්‍රසන්න වෙති.”


‘ඔබේ දැහැමි නියමයන් පිළිපදින්නෙමි’යි දිවුළෙමි. මම ඒවා ඉටු කෙළෙමි.


ඔබේ දෙවි සමිඳුන් හට බාරහාර වී ඒවා ඉටු කරන්න. එතුමන් වටා සිටින්නෝ ගරුබිය පෑ යුතු තැනැන් වහන්සේට පඬුරු ගෙනෙත් වා!


අමශියා සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, ඔහු තමාගේ පිය වූ දාවිත් මෙන් නො වී ය. තම පිය වූ ජෝවාෂ් කළ සියල්ල ලෙස ඔහු කෙළේ ය.


ජෙහෝවාෂ් වනාහි ජෙහෝයාදා පූජකයා විසින් තමාට දැනුමැතිකම් දෙන ලද කාලය මුළුල්ලෙහි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.


මෙලෙස නුඹලා පණස් වන අවුරුද්ද වෙන් කොට මුළු දේශය පුරා එහි සිටින සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතු ය. එම අවුරුද්ද ජුබිලියක් නිසා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්