Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 32:44 - Sinhala New Revised Version

44 බෙන්ජමින්ගේ දේශයෙහිත්, ජෙරුසලම අසල ස්ථානවලත්, ජුදාහි නගරවලත් කඳු රටේ නගරවලත්, පහත රටේ නගරවලත්, දකුණු දිශාවේ නගරවලත් කෙත් මිලේට ගෙන, සාක්ෂිකාරයන් ඉදිරියෙහි ඔප්පු අත්සන් කොට මුද්‍රා කරනු ලබන්නේ ය. මක්නිසා ද, මම ඔවුන්ගේ සෞභාග්‍යය යළි උදා කරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 බෙන්ජමින්ගේ දේශයෙහිත්, ජෙරුසලම අසල ස්ථානවලත්, ජුදාහි නගරවලත් කඳු රටේ නගරවලත්, පහත රටේ නගරවලත්, දකුණු දිශාවේ නගරවලත් කෙත් මිලේට ගෙන, සාක්ෂිකාරයන් ඉදිරියෙහි ඔප්පු අත්සන් කොට මුද්‍රා කරනු ලබන්නේ ය. මක්නිසා ද, මම ඔවුන්ගේ සෞභාග්‍යය යළි උදා කරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

44 මනුෂ්‍යයෝ බෙන්යමින් දේශයෙහිත් යෙරුසලම අසල ස්ථානවලත් යූදාහි නුවරවලත් කඳු රටේ නුවරවලත් පාත රටේ නුවරවලත් දකුණු දිශාවේ නුවරවලත් කෙත් මිලේටගෙන, ඔප්පු අත්සන්කොට, මුද්‍රකර, සාක්ෂිකාරයන් කැඳවාගන්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 32:44
17 හුවමාරු යොමු  

මාගේ සේවකයා ප්‍රකාශයක් කළ විට, මාගේ අදහස් දන්වන පිණිස දූතයෙකු එවූ විට ඒවා ඉෂ්ට වන්න සලස්වන්නේත් මම ය. ජෙරුසලමට කතා කොට එහි සෙනඟ නැවතත් ප්‍රාණවත් කරන බවත්, ජුදා නගරවලට කතා කොට, නටබුන් වූ නගර නැවත ගොඩනඟන බවත් කියන්නේ මම ය.


දකුණු දිශාවේ නගර වටලා ඇත; ඒවාට පිවිසෙන්නට කිසිවෙකුට නොහැකි ය. මුළු ජුදා රට වහල්කමට ගෙන ගොස් ඇත; සහමුලින් ම එසේ ගෙන ගොස් ඇත.


තවද, ජුදා නගරවලින් ද ජෙරුසලම අවට පෙදෙස්වලින් ද බෙන්ජමින්ගේ දේශයෙන් ද පාත රටින් ද කඳුකරයෙන් ද දකුණු දෙසින් ද මනුෂ්‍යයෝ දවන පූජා ද යාග පූජා ද ආහාර පූජා ද කට්ටකුමංජල් ද ස්තුති පූජා ද රැගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමිණෙන්නෝ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම ජාකොබ්ගේ පරපුර සිය දේශයට ආපසු පමුණුවා හැම පවුලකට ම වාසස්ථානයක් ලැබීමේ භාග්‍යය නැවත දෙන්නෙමි. නගරය ද එහි කන්ද පිට ගොඩනඟනු ලැබ, මාලිගාව තිබුණු හැටියට ම පිහිටුවනු ලබන්නේ ය.


මන්ද, මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේත්, ජුදාවරුන්ගේත් සෞභාග්‍යය ප්‍රදානය කරන දින ළඟා වන්නේ ය. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි. ඔව්හු එය භුක්ති විඳින්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “සෙනඟගේ උරුමය මා ඔවුන්ට යළි ලබා දුන් විට, ‘එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය! එම්බා ශුද්ධ කන්ද! සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!’ යන කීම ඔවුන් ජුදා දේශයෙහි ද එහි නගරවල ද නැවත භාවිතා කරනු ඇත.


මම ඔප්පුව අත්සන් කර, මුද්‍රාකොට, සාක්ෂිකාරයන් කැඳවාගෙන තරාදියෙන් කිරා ඔහුට මිල දිනිමි.


‘බලන්න, මාගේ උදහසින් ද මාගේ කෝපයෙන් ද තද අමනාපයෙන් ද මා විසින් ඔවුන් පන්නාදමනු ලැබූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන නැවත මේ ස්ථානයට පමුණුවා, සුව සේ වාසය කරන්නට සලස්වන්නෙමි.


ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


කඳු රටේ නගරවල ද පහත රටේ නගරවල ද දකුණු දිශාවේ නගරවල ද බෙන්ජමින්ගේ දේශයෙහි ද ජෙරුසලම අසල ස්ථානවල ද ජුදාහි නගරවල ද එඬේරු රැළවල සිටින බැටළුවන් ගණන් කරන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


“මා එය ස්ථිර ලෙස කළාක් මෙන් ජාකොබ්ගේ පරපුර සමඟත්, මාගේ මෙහෙකරු වූ දාවිත් සමඟත් මා කළ ගිවිසුම මම නොකඩවා ස්ථිරව ම පවත්වන්නෙමි. ආබ්‍රහම්ගෙන් ද ඊසාක්ගෙන් ද ජාකොබ්ගෙන් ද පැවත එන්නන් කෙරෙහි රජකම් කරන පිණිස දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු මම තෝරාගතිමි. මාගේ සෙනඟ මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මම ඔවුන්ට අනුකම්පා කරන්නෙමි.”


ජුදාව ද ඉශ්රායෙලය ද මම මුල දී මෙන් යළිත් ගොඩනඟා, ඒ දෙරටට සෞභාග්‍යය දෙන්නෙමි.


“නෙගෙබ්හි සිටින අය ඒසව් කන්ද අයිති කරගන්නෝ ය. පහත රටේ අය පිලිස්තිවරුන්ගේ දේශය යටත් කරගන්නෝ ය. ඔව්හු එප්‍රායිම් හා සමාරියේ ගම්බිම් ද බෙන්ජමින්වරු ගිලියද් දේශය ද හිමි කරගන්නෝ ය.


ඉශ්රායෙල් ජනයා අතරේ වහල්කමට ගෙනයනු ලැබූ අය වූ හමුදාව ශාරෙපත් දක්වා ම කානාන් දේශය හිමි කරගන්නෝ ය. සෙපාරද්හි වහල්කමට ගෙනයනු ලැබූ ජෙරුසලමේ අය නෙගෙබ් නුවරවල් ද හිමි කරගන්නෝ ය.


ජුදාහි ඉතිරි ව සිටින කුඩා පිරිස මුහුදුබඩ දේශය අයිතිකර ගනිති. ඔවුන් තමන්ගේ බැටළුවන් එහි පෝෂණය කරනු ඇත; සවස අෂ්කෙලොන්හි ගෙවල නිදාගනු ඇත. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිට ඔවුන්ට සෞභාග්‍යය අත් කරදෙනු ඇත.


ජෙරුසලම සෞභාග්‍යයෙන් හා ජනගහණයෙන් පිරී, ඒ නගරය අවට නගර ද දකුණු දිශාව ද පහත පළාත ද ජනාවාස වී තිබුණු කාලයේ දී පවා සමිඳාණන් වහන්සේ කලින් සිටි දිවැසිවරුන් මඟින් කීවේත් මෙය නොවේ දැ යි කියන්න.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්