Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 32:1 - Sinhala New Revised Version

1 ජුදාහි රජු වූ ශෙදෙකියාගේ දස වන අවුරුද්දේ දී එනම්, නෙබුකද්නෙශර්ගේ දසඅට වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ජුදාහි රජු වූ ශෙදෙකියාගේ දස වන අවුරුද්දේ දී එනම්, නෙබුකද්නෙශර්ගේ දසඅට වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 යූදාහි රජවූ ශෙදෙකියාගේ දසවෙනි අවුරුද්ද වන නෙබුකද්රෙශර්ගේ දහඅටවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනයය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 32:1
9 හුවමාරු යොමු  

ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ සතර වන අවුරුද්දේ ජුදාහි සෙනඟ සම්බන්ධයෙන් ජෙරමියා වෙත සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩය මෙය වේ. එය බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ගේ පළමු වන අවුරුද්ද විය.


ශෙදෙකියා විසිඑක් අවුරුදු වයසේ දී රජ වී, එකොළොස් අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය.


ශෙදෙකියා රජු මල්කියාගේ පුත් පෂ්හුර් සහ පූජකයා වන මයසේයාගේ පුත් පූජක ශෙපනියා ද ජෙරමියා වෙත යවා මෙසේ ඇසුවේ ය. එවිට සමිඳාණන් වහන්සේගෙන් ඔහුට මේ පණිවුඩය ලැබුණේ ය.


ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ශෙදෙකියා රජකම් කරන්නට පටන්ගත් කාලයේ ද සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.


බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද ඔහුගේ මුළු සේනාව ද ඔහුගේ පාලනය යටතේ තිබුණු සියලු රට රාජ්‍යයන් ද සියලු ජනයන් ද ජෙරුසලමටත්, ඊට අයිති සියලු නගරවලටත් විරුද්ධ ව යුද්ධ කරද්දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.


නෙබුකද්නෙශර්ගේ දහඅට වන අවුරුද්දේ දී, ඔහු ජෙරුසලමේ සිටි අටසිය තිස්දෙදෙනෙකු අල්ලාගෙන ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්