Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 3:11 - Sinhala New Revised Version

11 එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ඉශ්රායෙල් උන් වහන්සේට ඇති පක්ෂපාතකමින් ඉවත් ව ගිය නමුත්, ද්‍රෝහිකාර ජුදාව තරම් වරදකාරියක් නොවූවා යැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, “ඉශ්රායෙල් උන් වහන්සේට ඇති පක්ෂපාතකමින් ඉවත් ව ගිය නමුත්, ද්‍රෝහිකාර ජුදාව තරම් වරදකාරියක් නොවූවා යැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: අහක්ව ගිය ඉශ්‍රායෙල් ද්‍රෝහිකාර යූදාට වඩා තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 3:11
9 හුවමාරු යොමු  

“ඇගේ සහෝදරී, ඔහොලීබා මෙය දුටු නමුත්, ඔහොලාට වඩා ඇගේ කාමරාගයත්, වේශ්‍යාකමත් අතිශයෙන් නින්දිත විය.


ඔවුන් මට පිටුපා ගොස් ඇති බැවින් ඔවුන්ට වන විපතෙන් ඔවුන්ට බේරෙන්න බැරි ය. ඔවුන් පිට පැමිණි වියගහ නිසා ඔවුන් වැලපෙනු ඇත. එහෙත්, එය ඉවත් කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති.


ඉශ්රායෙල් සෙනඟ කුළු මීහරකෙකු මෙන් මුරණ්ඩු ය. ඒ නිසා තණ පිට්ටනියක බැටළු පොව්වකු මෙන් සමිඳාණන් වහන්සේ ඔවුන් පෝෂණය කරන්නේ කෙසේ ද?


එහෙත්, නුඹ ඔවුන් ගිය මාර්ගයෙන් යෑමෙන් වත්, ඔවුන් කළ පිළිකුල් ක්‍රියා කිරීමෙන් වත් සෑහීමට නොපැමිණ නොබෝ කලකින් ඔවුන්ටත් වඩා නුඹේ කල්ක්‍රියාවෙන් දුෂ්ටකම් කෙළෙහි ය.


සමිඳාණන් වහන්සේට විපක්ෂ ව ගිය දරුවෙනි, ආපසු හැරී එන්න. මම නුඹලාගේ ද්‍රෝහිකම නවත්වා නුඹලා සුව කරන්නෙමි. එවිට නුඹලා මෙසේ පිළිතුරු දෙන්නහු ය: ‘මෙන්න අපි ඔබ වහන්සේ වෙත පැමිණ සිටිමු; මන්ද, ඔබ වහන්සේ අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය.


ඉශ්රායෙලය මට පක්ෂපාතකම අත්හැර වේශ්‍යාවක වූ බැවින් මා ඈ දික්කසාද කර පලවා හැරිය බව ජුදා අඟන දුටුවා ය. එහෙත්, ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා බිය නොවී ගොස් වේශ්‍යාකම් කළා ය.


‘ඈ ඒ සියල්ල කළ පසු මා වෙත හැරී එනු ඇතැ’යි ස්වාමීන් වන මම සිතුවෙමි. එහෙත්, ඈ හැරී ආවේ නැත. ඇගේ ද්‍රෝහිකාර සොහොයුරී වන ජුදා අඟන එය දුටුවා ය.


මාගේ වචනවලට කීකරු නොවූ ඔවුන්ගේ පියවරුන්ගේ පාපවලට ඔව්හු ද වැටී සිටිති. ඔවුන් අන් දෙවිවරුන් අනුගමනය කර, ඔවුන්ට නමස්කාර කර ඇත. ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මා ඔවුන්ගේ පියවරුන් හා සමඟ කළ ගිවිසුම කඩ කර ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්