Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 29:12 - Sinhala New Revised Version

12 එවිට නුඹලා මට කන්නලව් කරන්නහු ය; අවුත් මට යාච්ඤා කරන්නහු ය; මම ද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එවිට නුඹලා මට කන්නලව් කරන්නහු ය; අවුත් මට යාච්ඤා කරන්නහු ය; මම ද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 නුඹලා මට අඩගසන්නහුය, ගොස් මට යාච්ඤාකරන්නහුය, මමද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 29:12
20 හුවමාරු යොමු  

“මට යාච්ඤා කරන්න; එවිට මම නුඹට පිළිතුරු දී නුඹ නොදන්න, සැඟවී ඇති, වැදගත් සත්‍යයන් නුඹට දන්වන්නෙමි.


විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”


තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක. ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.


සමිඳුනි, පීඩිතයන්ගේ විලාපයන්ට ඔබ සවන් දෙන සේක; ඔවුන්ට ඔබ දිරිය දෙන සේක.


ඔවුන් අයැදින්න පෙර මම උත්තර දෙමි; ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි.


එහෙත්, ඉතිරි තුන් වන කොටස මම ගින්නෙහි දමන්නෙමි; රිදී පවිත්‍ර කරන්නාක් මෙන් ඔවුන් පවිත්‍ර කරන්නෙමි; රන් උරගා බලන්නාක් මෙන් ඔවුන් උරගා බලන්නෙමි. ඔවුන් මාගේ නාමයෙන් මට යාච්ඤා කරන විට මම ද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි. ‘ඔව්හු මාගේ සෙනඟ ය’යි මම ඔවුන්ට කියන්නෙමි; ‘සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ ය’යි ඔව්හු මට කියන්නෝ ය.”


ඔවුන් අඬමින් ද කන්නලව් කරමින් ද ගිය නමුත්, මම ඔවුන් සනසමින් ආපසු ගෙනෙන්නෙමි. දිය ඔයවල් අසලින්, නොපැකිළෙන, ඇද නැති මාවත් ඔස්සේ ඔවුන් ගෙන යන්නෙමි. මම ඉශ්රායෙල්වරුන්ගේ පියා වෙමි; එප්‍රායිම් මාගේ කුළුඳුල් පුත්‍රයා වන්නේ ය.


ජෙරුසලමේ සිටින සෙනඟෙනි, ඔබ තවත් අඬන්නේ නැත. සමිඳාණන් වහන්සේ දයාන්විත ය. ඔබේ මොරගැසීමට උන් වහන්සේ සවන් දී ඔබට පිළිතුරු දෙන සේක.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගෙන් උපකාර ඉල්ලීමට යළිත් වරක් මම ඉශ්රායෙල් සෙනඟට ඉඩ දෙන්නෙමි. බැටළු රැළක් මෙන් ඔවුන්ගේ ගණන වැඩි කරන්නෙමි.


ඔවුන් වහල්කමට ගෙන ගිය අයගේ දේශයෙහි දී ඔවුන්ගේ මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද ඔබ දෙසට හැරී, ඔබ ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශය ද ඔබ තෝරාගත් නුවර ද ඔබේ නාමයට මා විසින් ගොඩනඟන ලද මාලිගාව ද දෙසට හැරී ඔව්හු යාච්ඤා කරන්නෝ නම්,


උන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ඔහුට සවන් දී ඔහුගේ කන්නලව්ව අසා ජෙරුසලමටත්, ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවූ සේක. එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බව මනස්සේ දැනගත්තේ ය.


ඔබ එතුමාණන්ට යැදුම් පුදන විට එතුමාණෝ සවන් දෙන සේක. ඔබ ද ඔබේ බාරහාර ඉටු කරනු ඇත.


සමිඳුනි, ඔබ සිය සෙනඟට දඬුවම් කළ විට, ඔව්හු දුක් බරින් ඔබ සොයමින් ඔබට යාච්ඤා කළහ.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ දවස්වල දීත් ඒ කාලවල දීත් ඉශ්රායෙල්හි හා ජුදාවේ සෙනඟ එක් ව තමන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මා සොයමින් අඬ අඬා පැමිණෙන්නෝ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කඩුවෙන් ගැළවුණු මාගේ සෙනඟෙනි, දැන් නැවතී නොසිට පලා යන්න. දුර දේශයන්හි නුඹලාගේ සමිඳාණන් සිහිකර ජෙරුසලම අමතක නොකරන්න.


මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්