Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 27:7 - Sinhala New Revised Version

7 ඔහුගේ රටේ වැටීම ඇති වන තෙක්, සියලු ජාතීන් ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත්, පුත්‍රයන්ගේ පුත්‍රයන්ටත් සේවය කරනු ඇත. ඉන්පසු ඔහුගේ රාජ්‍යය, බලවත් අන් රාජ්‍යයන්ටත්, උසස් රජවරුන්ටත් සේවය කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔහුගේ රටේ වැටීම ඇති වන තෙක්, සියලු ජාතීන් ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත්, පුත්‍රයන්ගේ පුත්‍රයන්ටත් සේවය කරනු ඇත. ඉන්පසු ඔහුගේ රාජ්‍යය, බලවත් අන් රාජ්‍යයන්ටත්, උසස් රජවරුන්ටත් සේවය කරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඔහුගේ දේශයේ කාලය පැමිණ, බොහෝ ජාතීන්ද මහත් රජවරුන්ද විසින් ඔහු දාසකමට ගන්න තුරු, සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ පුත්‍රයාගේ පුත්‍රයාටත් සේවයකරන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 27:7
29 හුවමාරු යොමු  

තවද, එවිල්-මෙරොදක් බබිලෝනියේ රජකමට පත් වූ අවුරුද්දේ දී ඔහු ජුදාහි රජු වූ ජෙහෝයාකින්ට අනුකම්පා කොට හිරගෙයින් නිදහස් කෙළේ ය. මෙය සිදු වූයේ ජුදාහි රජු වූ ජෙහෝයාකින් ගෙනයනු ලැබූ තිස්හත් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ විසිපස් වන දා ය.


ඒ මහා නගරය තුන් කොටසකට කැඩී ගියේ ය. ජාතීන්ගේ නගර ඇද වැටිණි. දෙවියන් වහන්සේ මහා බබිලෝනිය අමතක නොකර, සිය උදහසේ දරුණුකම නමැති මිදියුස පාත්‍රය පානය කිරීමට ඈට දුන් සේක.


ඒ දේව දූතයා පසුපසින් ගිය දෙ වන දේව දුතයෙක්: “තදබල කාමරාගය නමැති මද්‍යසාරය සියලු ජාතීන්ට පෙවූ මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය, වැටුණා ය”යි කී ය.


නුඹලාගේ ණය හිමියන් හදිසියේ නුඹලා පිට කඩා පනින්නේ නැද් ද? නුඹලාගේ සතුරෝ නුඹලා තැති නොගන්වන්නෝ ද? එවිට ඔව්හු නුඹලා කොල්ලකන්නෝ ය.


හදිසියේම අසරුවන් දෙදෙන දෙදෙන පිට සෙනඟ පැමිණෙති; මුරකරුවා ඒ පුවත පළ කරමින්, “බබිලෝනිය වැටිණි! බබිලෝනිය වැටිණි! ඇගේ දෙවිවරුන් වන කැපූ රූප සියල්ල ම කඩා බිඳදමන ලද්දේ ය”යි කියන්නේ ය.


මේ වනාහි ආමොස්ගේ පුත් යෙසායාට බබිලෝනිය ගැන එළිදරව් වූ දෙවියන් වහන්සේගේ පණිවුඩය ය:


සමිඳාණෝ ඔහු ගැන සිනාසෙන සේක; ඔහුගේ අවසානය ළඟ බව දන්න සේක.


ඒවා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය; මා ඒවා සලකා බලන දවස දක්වා ඒවා එහි තිබෙන්නේ ය. එවිට මම ඒවා ගෙනවුත් නැවත මේ ස්ථානයට පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් ද ඔහුගේ මුළු සේනාව ද ඔහුගේ පාලනය යටතේ තිබුණු සියලු රට රාජ්‍යයන් ද සියලු ජනයන් ද ජෙරුසලමටත්, ඊට අයිති සියලු නගරවලටත් විරුද්ධ ව යුද්ධ කරද්දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කළ සේක.


මා විසින් ජුදාහි රජු වූ ශෙදෙකියා ඔහුගේ ප්‍රාණය හානි කරන්නට සෙවූ ඔහුගේ සතුරා වූ බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් අතට පාවා දුන් ලෙස, මිසරයේ රජ වූ පාරාවෝ-හොප්රාත් ඔහුගේ සතුරන් අතට ද ඔහුගේ ප්‍රාණය හානි කරන්නට සොයන්නන් අතට ද පාවා දෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


මිසර දේශයට පහර දීමට බබිලෝනියේ රජු වූ නබුකද්නෙශර්ගේ පැමිණීම ගැන සමිඳාණන් වහන්සේ දිවැසිවරයාට මෙසේ වදාළ සේක:


රජවරුන්ගේ රජ වූ රජතුමනි, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඔබට රාජ්‍යය ද බලය ද පරාක්‍රමය ද තේජස ද දී තිබේ.


“ඔබ වර්ධනය වී බලවත් ව සිටින්නෙහි ය. ඔබේ උතුම්කම වැවී, අහස දක්වා නැඟී ඇත. ඔබේ පාලනය පොළොවේ සීමාන්තයන් දක්වා පැතිර ගොස් ඇත.


නුඹලා බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ නිසා ද නුඹලා කර ඇති ඝාතන නිසා ද දේශයටත්, නගරයටත්, එහි වැසියන්ටත් නුඹලා කර ඇති බලහත්කාරකම් නිසා ද ඉතිරි ව සිටින අය නුඹලා කොල්ලකන්නෝ ය.


මම බබිලෝනියේ රජුගේ බාහුව බලවත් කොට මාගේ කඩුව ඔහු අතට දෙන්නෙමි. පාරාවෝගේ බාහුව කඩන්නෙමි, ඔහු මරණීය තුවාළ ලත් කෙනෙකුගේ කෙඳිරිගෑම්වලින් ඒ අය ඉදිරියෙහි කෙඳිරිගානු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්