Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 27:16 - Sinhala New Revised Version

16 එවිට ජෙරමියා, පූජකවරුන්ටත්, දිවැසිවරුන්ටත් කතා කරමින් මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව මාලිගාවේ භාණ්ඩ ඉක්මනින් ම බබිලෝනියෙන් නැවත ගෙනෙනු ලැබේ යයි නුඹලාට දිවැස් වැකි කියන නුඹලාගේ දිවැසිවරුන්ගේ වචනවලට සවන් නොදෙන්න. ඔව්හු නුඹලාට බොරු දිවැස් වැකි පවසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එවිට ජෙරමියා, පූජකවරුන්ටත්, දිවැසිවරුන්ටත් කතා කරමින් මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව මාලිගාවේ භාණ්ඩ ඉක්මනින් ම බබිලෝනියෙන් නැවත ගෙනෙනු ලැබේ යයි නුඹලාට දිවැස් වැකි කියන නුඹලාගේ දිවැසිවරුන්ගේ වචනවලට සවන් නොදෙන්න. ඔව්හු නුඹලාට බොරු දිවැස් වැකි පවසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ඇරත් මම පූජකයන්ටත් මේ මුළු සෙනඟටත් කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩ දැන් ඉක්මනින්ම බබිලෝනියෙන් නැවත ගෙනෙනවා ඇත කියා නුඹලාට අනාගතවාක්‍ය කියන නුඹලාගේ ප්‍රොපේතවරුන්ගේ වචනවලට ඇහුම්කන් නොදෙන්න. මක්නිසාද ඔව්හු බොරුවට නුඹලාට අනාගතවාක්‍ය කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 27:16
7 හුවමාරු යොමු  

බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් මේ ස්ථානයෙන් රැගෙන බබිලෝනියට ගෙන ගිය දේව මාලිගාවේ සියලු ම භාණ්ඩ අවුරුදු දෙකක් ඇතුළත දී නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි.


ඔහු සමිඳාණන් වහන්සේ වදාළ ලෙස සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ වස්තු සියල්ල ද රජ ගෙයි වස්තු ද එතැනින් පිටතට ගෙන යනුයේ, ඉශ්රායෙල් රජ වූ සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලි කොට කැපී ය.


සමිඳාණන් වහන්සේ ඔහුගේ අතට ජුදාවේ රජ වූ ජෙහෝයාකිම් පාවා දුන් සේක; ඔහු සමඟ දෙවියන් වහන්සේගේ මාලිගාවේ බඩු බාහිරාදිය සමහරක් ද පාවා දුන් සේක. නෙබුකද්නෙශර් ඒ බඩු බාහිරාදිය ශීනාර් දේශයේ තමාගේ ම දෙවියන්ගේ දේවාලයට ගෙන ගොස් දේවාල භාණ්ඩාගාරයේ ඒවා තැන්පත් කෙළේ ය.


එයින් සිදු වන්නේ, මුසාවෙන් ඔවුන් නුඹලා මුළා කිරීම වේ. නුඹලා මා විසින් නුඹලාගේ දේශයෙන් නෙරපා, පන්නා දමනු ලැබ විනාශයට පත් වන්නහු ය.


බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ යි කියන දිවැසිවරුන්ට සවන් නොදෙන්න. ඔව්හු ඔබට බොරු දිවැස් වැකි කියති.


හිස යන්නෙන් අදහස් කරන්නේ වයස්ගත ගරුකටයුතු අය ය; වල්ගය යන්නෙන් අදහස් කරන්නේ මුසාවාදී දිවැසිවරු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්