Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 26:8 - Sinhala New Revised Version

8 මුළු සෙනඟට කියන්නට සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ජෙරමියා කියා නිම කළ විට, පූජකයෝ ද දිවැසිවරු ද මුළු සෙනඟ ද ඔහු අල්ලාගෙන, “ඔබ මරණයට පත් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මුළු සෙනඟට කියන්නට සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ජෙරමියා කියා නිම කළ විට, පූජකයෝ ද දිවැසිවරු ද මුළු සෙනඟ ද ඔහු අල්ලාගෙන, “ඔබ මරණයට පත් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මුළු සෙනඟට කියන්ට ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල යෙරෙමියා කියා නිමවූ විට පූජකයෝද ප්‍රොපේතයෝද මුළු සෙනඟද ඔහු අල්වා: නුඹ සැබවින් මරනු ලබන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 26:8
22 හුවමාරු යොමු  

ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත.


ඔව්හු ඒ අසා කෝපයෙන් දිළිහී, ඔවුන් මරන්නට අදහස් කළහ.


සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, ඔවුන්ට නිග්‍රහ කොට, මැරූ හ.


එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.


මා නුඹලාගේ දරුවන්ට දඬුවම් කළ නමුත්, එයින් යහපතක් නො වී ය. නුඹලා දැනුමැතිකම් පිළිගන්නේත් නැත. වනසාදමන සිංහයෙකු සේ ඔව්හු කඩුවෙන් දිවැසිවරුන් මරාදැමූ හ.


එහෙත්, පිළියමක් නැති තරමට සමිඳාණන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධ ව පැමිණෙන ලෙස ඔව්හු දෙවියන් වහන්සේගේ පණිවුඩකාරයන්ට සරදම්කර, උන් වහන්සේගේ වචන සුළුකර උන් වහන්සේගේ දිවැසිවරුන්ට නින්දා කළෝ ය.


දිවැසිවරයන්ගේ ද සැදැහැවතුන්ගේ ද මිහි පිට මරනු ලැබූ සියල්ලන්ගේ ද ලේ, ඈ තුළ දක්නා ලදී.”


එහෙත්, නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද බරබ්බස් ම ඉල්ලන්ටත්, ජේසුස් වහන්සේ නසාලන්ටත් ජනකාය කැමැති කරවාගත්හ.


එහෙත්, සමිඳුනි, මා මරන පිණිස මට විරුද්ධ ව ඔවුන් යොදන සියලු කුමන්ත්‍රණ ඔබ ම දන්න සේක. ඔවුන්ගේ දුෂ්ටකම් කමා නොකළ මැනව. ඔවුන්ගේ පාපය ද ඔබේ දර්ශනයෙන් නොමැකුව මැනව. ඔබ ඉදිරියෙහි ඔව්හු පැකිළ වැටෙත් වා! ඔබේ උදහසේ කාලයේ දී ඔවුන්ට ප්‍රතිවිපාක දුන මැනව.”


ශෙදෙකියා රජු ඔහු හිරඅඬස්සි කෙළේ, ඔහු ‘සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි මෙසේ කී බැවිනි. “බලන්න, මම මේ නුවර බබිලෝනියේ රජුගේ අතට පාවා දෙන්නෙමි. ඔහු එය අල්ලාගන්නේ ය.


සෙනඟගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාළ සියලු වචන උන් වහන්සේගේ සෙනඟට කියන පිණිස යවනු ලැබූ ජෙරමියා, ඒ සියලු වචන මුළු සෙනඟට ප්‍රකාශ කර නිම කෙළේ ය.


බෙතෙල්හි පූජක තැන වූ අමසියා ඉශ්රායෙල්හි රජ වූ ජෙරොබෝවම්ට මෙසේ දන්වා යැවී ය: “ආමොස් ඔබට විරුද්ධ ව, ඉශ්රායෙල් ජනයා අතරේ කුමන්ත්‍රණයක් කර තිබේ. ඔහු ප්‍රකාශ කරන දේ නිසා රට විනාශ වන්නේ ය.


නුඹට විරුද්ධ ව ඔව්හු සටන් කරන්නෝ ය. එහෙත්, නුඹ පරාජය කරන්නට ඔවුන්ට නොහැකි ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්