Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 26:10 - Sinhala New Revised Version

10 ජුදාහි අධිපතීහු ඒ කාරණය අසා, රජ ගෙදර සිට සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුවෙහි ඇතුළු වන තැන අසුන්ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ජුදාහි අධිපතීහු ඒ කාරණය අසා, රජ ගෙදර සිට සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අවුත්, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුවෙහි ඇතුළු වන තැන අසුන්ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 යූදාහි අධිපතීහු ඒ කාරණා අසා, රජගෙදර සිට ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී ඇවිත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අලුත් දොරටුවෙහි හිඳගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 26:10
15 හුවමාරු යොමු  

එහෙත්, ගිරිකුළු දේවාල පහ නොකරන ලද්දේ ය. ඒ වන තෙක් සෙනඟ ගිරිකුළු දේවාලවල සුවඳ ද්‍රව්‍ය පිදූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ගොඩනැඟුවේ ඔහු ය.


ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඉහළ දොරටුව ද ඕපෙල් පවුරේ බොහෝ තැන් ද ගොඩනැඟුවේ ය.


එබැවින් පෂ්හුර් ජෙරමියාට තළා, දේව මාලිගාවේ බෙන්ජමින් නමැති ඉහළ දොරටුවේ තිබෙන දඬු කඳේ ඔහු දැම්මේ ය.


ජෙහෝයාකිම් රජු සහ ඔහුගේ සියලු බලවන්තයන් ද සියලු අධිපතීන් ද ඔහුගේ වචනය ඇසූ විට, රජ තෙමේ ඔහු මරන්නට සෙවී ය. උරියා ඒ අසා බිය ව පලා ගොස් මිසරයට පැමිණියේ ය.


ජෙරමියා මරන පිණිස සෙනඟගේ අතට පාවා දෙනු නොලැබුවේ, ෂාපාන්ගේ පුත් අහිකාම්ගේ සහය ඔහුට තිබුණු බැවිනි.


තම තමන්ගේ ගැහැණු-පිරිමි වහලුන් යටත් කර තබා නොගෙන ඔවුන් නිදහස් කර හරින හැටියට කරගත් ගිවිසුමට සියලු අධිපතීහු ද මුළු සෙනඟ ද එකඟ වී ඔවුන් නිදහස් කොට යන්නට හැරියෝ ය.


එවිට බාරුක් සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ඉහළ මළුවේ, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අලුත් දොරටුව ළඟ තිබුණ, ලේකම් වන ෂාපාන්ගේ පුත් ගෙමරියාගේ ඇතුළු ගෙයි සිට ජෙරමියාගේ වචන සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙව්වේ ය.


තවද, එල්නාතන් ද දෙලායා ද ගෙමරියා ද පොත නොදවන ලෙස රජුගෙන් ඉල්ලා සිටියෝ ය. එහෙත්, ඔහු ඔවුන්ට සවන් නුදුන්නේ ය.


ඒ නගරය තුළ අධිපතීහු අයුතු ලාභ ලබාගන්න පිණිස ලේ වැගිරීමටත්, ප්‍රාණ නැති කිරීමටත් සිටින, ගොදුර ඉරාදමන වෘකයන්ට සමාන ය.


නුඹ සමඟ විසූ ඉශ්රායෙල් අධිපතීහු සියලු දෙන එක් කෙනෙකු වත් නෑර සිය බලය ලේ වගුරුවන පිණිස පාවිච්චි කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්