Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 23:40 - Sinhala New Revised Version

40 කවදාවත් අමතක නොවන සදාකාල නින්දාවක් ද නිරන්තර අපකීර්තියක් ද ඔවුන් පිට මම පමුණුවන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 කවදාවත් අමතක නොවන සදාකාල නින්දාවක් ද නිරන්තර අපකීර්තියක් ද ඔවුන් පිට මම පමුණුවන්නෙමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 සිහිනැති නොවන සදාකාල නින්දාවක්ද නිරන්තර ලජ්ජාවක්ද නුඹලා පිටට පමුණුවන්නෙමියි කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 23:40
10 හුවමාරු යොමු  

එහෙත් සමිඳුනි, ඔබ තුමාණෝ මහා යුද වීරයෙකු සේ මා සමඟ සිටින සේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිළෙන්නෝ ය; ඔව්හු ජය නොගන්නෝ ය; ඔවුන්ට ජය ගැනීමට බැරි නිසා ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය. එය කවදාවත් අමතක නොවන සදාකාල අවනම්බුවක් වන්නේ ය.


ලොවේ සියලු ජාතීන් තැති ගන්වන සුලු විනාශයක් මම ඔවුන් පිට පමුණුවන්නෙමි. විජාතීන් ඉදිරියෙහි ඔවුන්ට නින්දාව ද සමච්චලය ද සරදම ද ඇත; මා ඔවුන් විසුරුවා හරින සෑම තැන්හි ම ඔවුන් සාපයක් වනු ඇත.


“ ‘ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: මාගේ උදහසත්, කෝපයත් ජෙරුසලමේ වැසියන් පිට වැගුරුණු ලෙස, නුඹලා මිසරයට පැමිණි විට නුඹලා පිට ද මාගේ කෝපය වැගිරෙනු ඇත. අනුන්ගේ පිළිකුලට හා සමච්චලයට ද භීතියට හා සාපයට ද භාජන වන්නහු ය. කිසි කලක මේ ස්ථානය නුඹලා නොදකින්නහු ය.’ ”


නුඹේ සහෝදරියන්ට යුතු ය යි නුඹ සිතූ ලජ්ජාව දැන් නුඹ දරාගත යුතු ය. ඔවුන්ගේ පාපවලට වඩා නුඹේ පාප කොතරම් පිළිකුල් සහිත දැ යි කීවොත්, නුඹ හා සසඳා බැලූ විට ඔවුන් නුඹට වඩා ධර්මිෂ්ඨයන් සේ පෙනේ. මෙසේ නුඹ නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨ ලෙස පෙනෙන්නට සැලැසූ බැවින් ලජ්ජාවට පැමිණ නුඹේ නින්දාව දරාගන්න.”


පොළොවේ ධූලියට සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත්, සමහරෙක් නින්දාව හා සදාකාල පිළිකුලටත් පිබිද එන්නෝ ය.


අනේ ස්වාමීනි, ඔබේ සාධාරණකම අනුව, ඔබේ උදහසත් කෝපයත්, ඔබේ ශුද්ධ කන්ද වන, ශුද්ධ නුවර වන ජෙරුසලමෙන් පහ වේවා. මන්ද, අපේ පාප සහ අපේ පියවරුන්ගේ අපරාධ නිසා, මුළු ජෙරුසලම සහ ඔබේ සෙනඟ අප අවට සිටින සියල්ලන්ට නින්දාවක් වී ඇත.


“පූජකයන් වැඩි වෙන්න වැඩි වෙන්න ඔව්හු වැඩි වැඩියෙන් මට විරුද්ධ ව පව් කළහ. එබැවින් මම ඔවුන්ගේ කීර්තිය අපකීර්තියට හරවන්නෙමි.


උන් වහන්සේ ඔබ පමුණුවන සියලු ජාතීන් අතර ඔබ ඔවුන්ගේ මවිතයට හේතු වනු ඇත. ඔව්හු ඔබ සමච්චලයට ද උපහාසයට ද ලක් කරන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්