Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 23:31 - Sinhala New Revised Version

31 තවද, ‘සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කියමින් තමන්ගේ ම වචන පවසන දිවැසිවරුන්ටත් මම විරුද්ධ වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 තවද, ‘සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කියමින් තමන්ගේ ම වචන පවසන දිවැසිවරුන්ටත් මම විරුද්ධ වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 බලව, තමුන්ගේ දිව පාවිච්චිකොට: උන්වහන්සේ කියනසේකැයි කියන ප්‍රොපේතවරුන්ට විරුද්ධයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 23:31
12 හුවමාරු යොමු  

මාගේ වචනය හෙළා දකින අයට ඔව්හු, ‘නුඹලාට ශුභසිද්ධ වේ වා!’යි කියති. මුරණ්ඩු සිතින් සිය කැමැත්ත අනුව යන අයට ඔව්හු, ‘නුඹලාට කිසි විපතක් නොවේ ය’යි කියති.


ඔව්හු දිවැසිවරුන්ට නිහඬ වන්න කියමින් මෙසේ කියති: “හරි දේ ගැන අපට කතා නොකරන්න; අපට අසන්න ආසා දේ ගැන පමණක් කතා කරන්න; අපේ සිහින සිතුම්පැතුම් තබාගන්න අපට ඉඩ දෙන්න.


එකල ඉශ්රායෙල් රජ ගණනින් හාරසියයක් වන දිවැසිවරුන් රැස් කොට, “අප යුද්ධය පිණිස රාමොත්-ගිලියද්ට යන්න ද නොහොත් මා නොගොස් සිටින්න දැ”යි ඔවුන්ගෙන් ඇසුවේ ය. ඔව්හු ද, “ගියමැනව; දෙවියන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි කීවෝ ය.


“බොරුවෙන් ද වංචාවෙන් ද පිරුණ, නුඹලාට ‘මුද්‍රික පානයත්, සුරා පානයත් ගලා එනු ඇතැ යි මම දිවැස් දෙසමි’යි කියමින් සිටින යම් මිනිසෙක් වේ නම්, සෙනඟ ප්‍රිය කරන දිවැසිවරයා එවැන්නෙකි.


මාගෙන් ලැබූ වචනය යයි කියමින් එකිනෙකාගෙන් හොරා ගත් වචන ප්‍රකාශ කරන මේ දිවැසිවරුන්ට මම විරුද්ධ වෙමි.


ස්වාමීන් වන මා වදාරන දේට සවන් දෙන්න. බොරු සිහින දිවැස් කීම් වශයෙන් ප්‍රකාශ කරමින්, තමන්ගේ බොරුවලින් ද හිස් පාරට්ටුවෙන් ද මාගේ සෙනඟ මුළා කරන දිවැසිවරුන්ට මම විරුද්ධ වෙමි. මම ඔවුන් නොයැව්වෙමි. ඔවුන්ට අණ නොකෙළෙමි. ඔවුන්ගෙන් මේ සෙනඟට කිසි ප්‍රයෝජනයක් නොවන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


එහෙත්, මාගේ නාමයෙන් දිවැස් වැකි කීමට ඉදිරිපත් වන දිවැසිවරයා, මා අණ නොකළ දෙයක් කීමට හිතට ගතහොත් හෝ අන් දේවතාවන්ගේ නාමයෙන් කතා කළොත් හෝ ඒ තැනැත්තා මරනු ලැබේ.’


තවද, කෙනානාගේ පුත් ශෙදෙකියා යකඩ අං සාදාගෙන, “ඔබ සිරියාවේ වැසියන් නැති කරන තුරු මේවායින් ඔවුන්ට අනිනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


තවද, ජෙරමියා හනනියාට මෙසේ කීවේ ය: “හනනියා, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිථ්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනඟට සැලැසුවෙහි ය.


ඒ කී ලෙස හනනියා එම අවුරුද්දේ සත් වන මාසයේ දී මළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්