Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 20:1 - Sinhala New Revised Version

1 ඉම්මෙර්ගේ පුත් පෂ්හුර් නම් පූජකයෙක් දේව මාලිගාවේ ප්‍රධාන නිලධාරියා විය. දිවැසිවර ජෙරමියා ප්‍රකාශ කළ මේ දේ ඔහුට ඇසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ඉම්මෙර්ගේ පුත් පෂ්හුර් නම් පූජකයෙක් දේව මාලිගාවේ ප්‍රධාන නිලධාරියා විය. දිවැසිවර ජෙරමියා ප්‍රකාශ කළ මේ දේ ඔහුට ඇසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ප්‍රධාන මුලාදෑනියාවූ ඉම්මෙර්ගේ පුත්‍රවූ පෂ්හූර් නම් පූජකයා යෙරෙමියා ඒ කාරණා අනාගතවාක්‍යයෙන් කියනවා ඇසූ විට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 20:1
11 හුවමාරු යොමු  

පහළොස් වැනි එක බිල්ගාට ය; දහසය වැනි එක ඉම්මෙර්ට ය;


රැකවලුන්ගේ අධිපතියා නායක පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපතියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.


දේව මාලිගාවේ සේනාධිපතියා ද නායක පූජකයෝ ද මේ පුවත අසා, කුමකින් කුමක් වේ දැ යි වික්ෂිප්ත වූ හ.


පේදුරු තුමා සහ ජොහන් තුමා සෙනඟට කතා කරමින් සිටිය දී, පූජකයෝ ද දේව මාලිගාවේ මුර සෙබළුන්ගේ ප්‍රධානියා ද සද්දුසිවරු ද ඔවුන් අබිමුවට කඩා වැදුණාහ.


ඔහුගේ අධිපතීහු ද සෙනඟගේ ස්වේච්ඡා පූජා සඳහා සෙනඟටත්, පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් එලෙස දුන්නෝ ය. දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියන් වූ හිල්කියා ද ශෙකරියා ද ජෙහියෙල් ද පාස්කු පූජා පිණිස බැටළු පැටවුන් දෙදාස් හයසියයකුත්, ගොනුන් තුන්සියයකුත් පූජකයන්ට දුන්නෝ ය.


දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත් ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියා ද;


එම්බා පෂ්හුර්! නුඹේ ගෙවැසි සියල්ලෝ ද නුඹ ද වහල්කමට ගෙනයනු ලබන්නහු ය. නුඹේ බොරු දිවැස් වැකි ඇසූ නුඹේ සියලු මිත්‍රයෝත්, නුඹත් වහල්කමට බබිලෝනියට ගෙනයනු ලබන්නහු ය. එහි දී නුඹලා මැරී වළලනු ලබන්නහු ය.”


‘සමිඳාණන් වහන්සේ ජෙහෝයාදා පූජකයා වෙනුවට පූජකවරයා වශයෙන් ඔබ පත් කළ සේක. දැන් ඔබ දේව මාලිගාවේ ප්‍රධාන නිලධාරියා වන්නෙහි ය. දිවැස් වැකි කියන හැම පිස්සෙකු ම දඬුකඳේ ද විලංගුවල ද දැමීම ඔබේ යුතුකම ය.’


එවිට අධිපතීහු ජෙරමියාට විරුද්ධ ව කිපී, ඔහුට තළා හිර නිවසක් මෙන් සැලකුණ ජොනතන් ලේකම්ගේ ගෙයි ඔහු හිර අඩස්සි කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්