Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 2:21 - Sinhala New Revised Version

21 මම නුඹ හොඳ වර්ගයේ මිදි වැලක් ද ඉතා ම හොඳ බීජයක් ද මෙන් සිටෙව්වෙමි. එහෙත්, නුඹ නරක් වූ වල් මිදි වැලක් බවට පත් වූයේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 මම නුඹ හොඳ වර්ගයේ මිදි වැලක් ද ඉතා ම හොඳ බීජයක් ද මෙන් සිටෙව්වෙමි. එහෙත්, නුඹ නරක් වූ වල් මිදි වැලක් බවට පත් වූයේ කෙසේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එහෙත් මා විසින් නුඹ හොඳ මිදිවැළක්ද මුළුමනින්ම හරිවූ බීජයක්ද කොට හිටවා තිබුණේය. එසේ වී නම් නුඹ වෙනස්වී මට වල් මිදිවැළක නරක්වූ පැළයක් වුණේ කොහොමද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 2:21
27 හුවමාරු යොමු  

මාගේ මිදි වත්ත උදෙසා මා කළ දේට අමතර ව තවත් කිසිවක් කරන්නට තිබුණේ ද? එසේ නම්, හොඳ මිදි පල මා බලාපොරොත්තු වන නමුත්, එහි වල් මිදි පල හට ගන්නේ මන් ද?


සමිඳුනි, ඔබට උරුමය වන කඳු මුදුනට, සමිඳුනි, ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධස්ථානයට, ඔබ ඔවුන් ගෙන ගොස්, පිහිටුවන සේක.


“සැබෑ මිදි වැල මම ය; මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයාණෝ ය.


ඔබේ බාහු බලයෙන් මිසදිටු ජාතීන් පලවා හැර, ඔබේ සෙනඟ ඔබ එහි වාසය කරවූ සේක; විජාතීන්ට පහර දී ඔබේ ම සෙනඟට සව්සිරි සැපත දුන් සේක.


ඔබ මිදි වැලක් වන අප මිසරයෙන් ගෙනා සේක; විජාතීන් පන්නාදමා ඔබ එය රෝපණය කළ සේක.


ඔබේ පියවරුන්ට උන් වහන්සේ ප්‍රේම කළ නිසා, ඔවුන්ගෙන් පැවත ආ පෙළපත තෝරාගෙන මහා බලය පා මිසර දේශයෙන් උන් වහන්සේ ම ඔවුන් ගෙනා සේක.


උන් වහන්සේ සෙනඟට මේ උපමාව කියන්නට පටන්ගත් සේක: “මිනිසෙක් මිදි වත්තක් වවා, ගොවීන්ට අඳයට දී, බොහෝ කලකට පිටරට ගියේ ය.


ජේසුස් වහන්සේ ඔවුන්ට තවදුරටත් උපමා මඟින් කතා කරමින් මෙසේ වදාළ සේක: “එක් මිනිසෙක් මිදි වත්තක් වගා කොට, එය වටා වැටක් බැඳ, මිදි යන්ත්‍රයට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, ගොවීන්ට අඳයට දී පිට රට ගියේ ය.


සතුරන්ගේ මිදි වැල සොදොම්හි මිදි වැලෙන් ය; ගොමොරාහි වතුපිටිවල මිදි වැලෙන් ය. ඒවායේ මිදි පල විස ය; ඒවායේ මිදි වලු තිත්ත ය.


ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළ සේක: “මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදි වත්තක් වවා එය වටා වැට බැඳ, එහි මිදි යන්ත්‍රයකට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, එය ගොවීන්ට අඳේට දී පිටරට ගියේ ය.


සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය.


ඔබේ සෙනඟ සියල්ලෝ ම දැහැමි ව, සදහට ම දේශය උරුම කරගන්නෝ ය; ඔව්හු මා විසින් පැළ කරන ලද මාගේ පැළෑටියක් හා සමාන ය; මාගේ මහිමය ප්‍රකාශ කරන පිණිස මා විසින් මවන ලද්දෝ වෙති.


එහෙත්, මාගේ සේවකයා වන ඉශ්රායෙල් ජාතිය, මාගේ මිත්‍රයා වූ ආබ්‍රහම්ගෙන් පැවත එන නුඹ මා තෝරාගත් සෙනඟක් ය.


අහෝ, විශ්වාසවන්ත ව සිටි නුවර දැන් වෙසඟනක වී සිටින හැටි! එදා එහි සිටියෝ යුක්තිය ඉටුකළ දැහැමියෝ ය; අද සිටින්නෝ මිනීමරුවෝ ය.


ඉශ්රායෙල්වරු ජෝෂුවා සිටි මුළු කාලයේ දී ද ඔහුට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා කළ උන් වහන්සේගේ සියලු ක්‍රියා දැනගෙන සිටි ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි මුළු කාලයේ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.


පරණ රත්රන් අඳුරු වී තිබෙන හැටි! පෙරූ රත්රන් වෙනස් වී තිබෙන හැටි! ශුද්ධස්ථානයේ ගල් සියලු මංසන්ධිවල විසුරුවා තිබේ.


“මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය.


ආබ්‍රහම් දැහැමිකමින් හා යුක්තියෙන් ජීවත් වෙමින් තමාගේ දරුවන්ට ද, තමාගෙන් පැවතෙන පෙළපතට ද සමිඳාණන් වහන්සේගේ මාර්ගය ආරක්ෂා කිරීමට අණ දෙන පිණිස මම ඔහු වෙන් කොට ගතිමි. මෙලෙස සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දේ ඔහුට ඉටු කරන සේකැ”යි තමන්ට ම කියාගත් සේක.


ඒ දවසේ දී සමිඳුන්ගේ පියකරු මිදි වත්ත ගැන මෙසේ කියනු ඇත:


ඉශ්රායෙල් හා ජුදාව ඉදි කෙළේ, සියලු බලැති ස්වාමීන් වන මම ය. එහෙත්, මා දැන් ඔවුන්ට විපත්තිය නියම කර ඇත. ඔවුන් බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කිරීමෙන් වැරදි දේ කර තිබෙන නිසා, ඔවුන් මා කෝප කරවා ඇත.”


එය වැඩෙන පිණිස ඔබ තැනක් සූදානම් කළ සේක; එය ගැඹුරට මුල් ඇද්දේ ය. එය දේශය පුරා පැතිර ගියේ ය.


දේශය සහමුලින් ම විනාශ නොකර මිදි අතු කපා දමන්නට කියා ද අතු සමිඳාණන් වහන්සේට අයිති නැති නිසා ඒවා කපා දමන්නට කියා ද මම නියම කරමි.


කදිම පල ඇති, අලංකාර, සරු ඔලීව ගසක් යයි මම ඔවුන් නම් කෙළෙමි. එහෙත්, දැන් මම මේඝ ගර්ජනාවක් සේ ගොරවා ඒ ගසේ කොළවලට ගිනි ලා දවාලමි.


“මනුෂ්‍ය පුත්‍රය, වනයේ ගසක අත්තක ලීයට වඩා මිදි වැලේ ලීවල අගයක් තිබේ ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්