Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 2:12 - Sinhala New Revised Version

12 අහෝ අහස! මේ ගැන බියට පත් වී, ත්‍රස්ත වී මවිත වන්න. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 අහෝ අහස! මේ ගැන බියට පත් වී, ත්‍රස්ත වී මවිත වන්න. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 අහෝ ස්වර්ගයෙනි, මේ ගැන විස්මයට පත්වී ත්‍රස්තවී ඉතා මවිතවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 2:12
10 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සමිඳුන් වන මා කියන දේට අහස සවන් දෙන්න; පොළොව කන් දෙන්න. මා විසින් හදාවඩා, ඇතිදැඩි කරගන්නා ලද දරුවෝ ම මට විරුද්ධ ව කැරලි ගැසූ හ.


එම්බා කඳු! සමිඳාණන් වහන්සේගේ චෝදනාවට කන් දෙන්න. පොළොවේ ස්ථිර අත්තිවාරම්, මේ පැමිණිල්ල අසන්න. මන්ද, සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව කරන පැමිණිල්ලක් ඇත. උන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව චෝදනාවක් කරන්න යන සේක.


එම්බා දේශය, දේශය, දේශය, සමිඳාණන් වහන්සේ කියන මේ වචනයට සවන් දෙන්න.


එම්බා පොළොව! සවන් දෙන්න. මේ සෙනඟ මාගේ වචනවලට කීකරු නොවී, මාගේ ආඥා ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ගේ උපායවලට නියම විපාකය වන විපත්තිය ඔවුන් පිට පමුණුවන්නෙමි.


“එම්බා, අහස් තලය! මා කියන දේට සවන් දෙන්න. එම්බා, මිහිතලය! මා වදනට ඇහුම්කන් දෙන්න.


මද්දහනේ සිට අපරභාග තුන දක්වා රට පුරා තද අන්ධකාරයක් පහළ විය.


පොළොව දෙස බැලූ විට එය පාළු ව, හිස් ව තිබෙන බවත්, අහස දෙස බැලූ විට එහි එළිය නැති බවත් මම දිටිමි.


ඉබාගාතේ ඇවිද ක්ලාන්ත වන්න; සැප විඳ අන්ධ වන්න; මඳක් වත් මිදියුස නොබී මත් වන්න; බිඳක් වත් නොබී වැනි වැනී යන්න.


“එබැවින් ස්වාමීන් වන මම මෙසේ වදාරමි. ‘මෙවැන්නක් මීට පෙර සිදු වුණ බව අසා ඇද්දැ’යි සියලු විජාතීන්ගෙන් අසන්න. ඉශ්රායෙල් සෙනඟ භයානක දේ කර ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්