Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 16:7 - Sinhala New Revised Version

7 මළවුන් නිසා වියෝ දුක ඇති අයෙකුගේ සැනසීම සඳහා ඔහු සමඟ දානයක් වළඳන කෙනෙක් නොවන්නෝ ය; දෙමවුපියන් නිසා ඔහුට සැනසීමේ කුසලාන දෙන කෙනෙක් ද නොවන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මළවුන් නිසා වියෝ දුක ඇති අයෙකුගේ සැනසීම සඳහා ඔහු සමඟ දානයක් වළඳන කෙනෙක් නොවන්නෝ ය; දෙමවුපියන් නිසා ඔහුට සැනසීමේ කුසලාන දෙන කෙනෙක් ද නොවන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 මළ තැනැත්තා ගැන ඔවුන් සනසන පිණිස වැලපීමේදී කිසිවෙක් ඔවුන්ට රොටි කඩා දෙන්නේවත්, ඔවුන්ගේ පියා නිසාවත් ඔවුන්ගේ මවු නිසාවත් සැනසීමේ කුසලානෙන් ඔවුන්ට පොවන්නේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 16:7
8 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේට මිදියුස පුදන්නට වත්, උන් වහන්සේට පුද පූජා කරන්නට වත් ඔවුන්ට නොහැකි වන්නේ ය. ඔවුන්ගේ කෑම මළ ගෙවල කෑම මෙන් ය. ඒවා කන සියලු දෙන අපවිත්‍ර වන්නෝ ය. ඔවුන්ගේ කෑම ඔවුන්ගේ ම කුසගිනි නිවීමට මිස, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට සුදුසු නොවේ.


නිහඬ ව සුසුම්ලන්න; මළවුන් ගැන නොවැලපෙන්න; නුඹ නුඹේ ජටාව හිසේ බැඳ ගන්න; නුඹේ වහන් පාදවල දමාගන්න. මුහුණ වසා නොගන්න; මළගෙදර දානය නොකා සිටින්න.”


මා වැලපෙන සමයේ ද මම එයින් කිසිවක් නොකෑවෙමි. අපවිත්‍ර ව සිටි විට එයින් කිසිවක් ඉවත් නොකෙළෙමි. එයින් කිසිවක් මළවුන්ට ඔප්පු නොකෙළෙමි. මම මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වී, ඔබ වහන්සේ මට අණ කළ සියල්ල ප්‍රකාර කෙළෙමි.


ඔහුගේ සියලු සහෝදර සහෝදරියෝ ද පළමු ඔහු දැන හැඳින සිටි සියල්ලෝ ද ඔහු වෙත පැමිණ ඔහුගේ නිවසෙහි ඔහු සමඟ කෑම කා, සමිඳාණන් වහන්සේ ඔහුට පැමිණෙව් විපත්ති සමුදාය ගැන ශෝකය ප්‍රකාශ කොට ඔහු අස්වැසූ හ. ඔව්හු එකිනෙකා රිදී කාසියක් හා රන් මුද්දක් ඔහුට ත්‍යාගි කළහ.


මේ මහ පොළොවෙහි කෙරෙන සියලු අයුක්තිය දෙස බැලූ විට පීඩා ලබන්නන්ගේ කඳුළු මම දිටිමි; ඔවුන්ට සනසන්නෙක් ද නො වී ය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේ‍ ය. එහෙත්, සනසන්නෙක් නො වී ය.


එම්බා ජුදා ජනයෙනි, මියගිය ජොෂියා රජු ගැන ශෝක නොවන්න; ඔහුගේ මරණය ගැන නොවැලපෙන්න. එහෙත්, ඔහුගේ පුත් ජෝවාහාස් ගැන කෑගසා අඬන්න. මන්ද, ඔවුන් ඔහු ගෙන යන බැවිනි. ඔහු හැරී එන්නේ නැත. තමන් උපන් දේශය ඔහු තවත් නොදකින්නේ ය.


ඇගේ අපවිත්‍රකම ඇගේ වස්ත්‍ර පිට තිබුණේ ය, තමාගේ ඉරණම ගැන ඈ කිසි දා නොසිතුවා ය. ඇගේ වැටීම භයංකර ය. ඈට සැනසිලිකාරයෙක් නැත. සමිඳුනි, මාගේ දුක බැලුව මැනව. මන්ද, සතුරා ජය ගෙන ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්