Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 14:8 - Sinhala New Revised Version

8 සමිඳුනි, ඔබ ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව ද විපත් සමයේ ගැළවුම්කාරයාණෝ ද වන සේක. එසේ වුව ද, එක රැයකට නවාතැන් ගත් මඟියෙකු මෙන් අපේ දේශයේ ආගන්තුක ව සිටින්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සමිඳුනි, ඔබ ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව ද විපත් සමයේ ගැළවුම්කාරයාණෝ ද වන සේක. එසේ වුව ද, එක රැයකට නවාතැන් ගත් මඟියෙකු මෙන් අපේ දේශයේ ආගන්තුක ව සිටින්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඉශ්‍රායෙල්වරුන්ගේ බලාපොරොත්තුවද විපත්ති කාලයේදී ඔවුන්ගේ ගැළවුම්කාරයාදවූ තැනන්වහන්ස, ඔබ දේශයෙහි ආගන්තුකයෙකු මෙන්ද රැයක් නැවතී මට කූඩාරම පිහිටුවාගත් ගමන්කාරයෙකු මෙන්ද සිටින්නේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 14:8
25 හුවමාරු යොමු  

ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව වන සමිඳුනි, ඔබ අත්හරින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති. ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අත්හැර යන සියල්ලන් ධූලි මත ලියූ නම් ලෙසින් නියතින් පහ වී යනු ඇත.


ඔවුන්ට මුණගැසුණු සියල්ලෝ ම ඔවුන් ගොදුරු කොට ගත්තෝ ය. ඔවුන්ගේ එදිරිකාරයෝ කතා කොට, ‘ඔව්හු තමන්ගේ සරණය වන සමිඳාණන් වහන්සේට, එනම්, තමන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුව වූ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. අපි වැරදිකාරයෝ නොවමු’යි කීවෝ ය.


මන්ද, මම නුඹලාගේ දෙවිඳාණෝ ය. නුඹලාගේ ගැළවුම්කාරයාණෝ ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ය. නුඹලා මුදන පිණිස වන්දියක් වශයෙන් මිසරය ද එතියෝපියාව හා ශෙබා ද මම දුනිමි.


විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”


සමිඳාණෝ සියොන්හි ගර්ජනා කරන සේක; ජෙරුසලමේ සිට හඬ නඟන සේක. අහසත් පොළොවත් කම්පා වනු ඇත. එහෙත්, සමිඳාණෝ සිය සෙනඟට රක්ෂා ස්ථානයක් වන සේක. ඉශ්රායෙල් ජනයාට බලකොටුවක් වන සේක.


ඉදිරියට අවුත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමඟ මන්ත්‍රණය කරගනිත් වා! සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද? එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද? මා හැර අන් දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය; වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත,


එසේ ය, මම පමණක් සමිඳාණන් වහන්සේ ය; මා හැර අන් ගැළවුම්කාරයෙක් නැත.


අපේ ගැළවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේගේ ද, අපේ බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ද නියෝගය පරිදි, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලුගෙන්, ඇදහිල්ලෙහි මාගේ සැබෑ දරුවෙකු වන තිමෝතියස් වෙතට ය.


මේ කාරණය නිසා ඔබ දකින්නට ද, ඔබ හමු වී, කතා කරන්නට ද ඔබ කැඳෙව්වෙමි. මන්ද, මා මේ දම්වැලෙන් බඳිනු ලැබ සිටින්නේ ඉශ්රායෙල් ජනතාවගේ බලාපොරොත්තුව නිසා ය”යි කී ය.


සිය සෙනඟ ගළවන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ සැබැවින් ම නොපෙනී සිටින දෙවි කෙනෙකැ’යි කියන්නෝ ය.


මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක. ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක. ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.


ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.


දෙවිඳාණෝ අපේ ශක්තිය හා සරණ වන සේක; හැම දා විපතේ දී අප හට පිළිසරණක් වන සේක.


සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි; විපත්ති සමයෙහි මහ බලකොටුවකි.


සමිඳුනි, ඔබ ඈත් වී සිටින්නේ මන් ද? විපත් සමයේ කුමට සැඟවී සිටින සේක් ද?


ඒ මහල්ලා තම හිස ඔසවා නුවර වීදියේ හුන් ඒ මඟියා දැක, “ඔබ කොතැනට යන්නෙහි ද? කොතැන සිට එන්නෙහි දැ”යි ඇසී ය.


මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක. සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි.


‘ඔව්හු මාගේ සෙනඟ ය, ඔව්හු වංචා නොකරති’යි සමිඳාණෝ වදාළ සේක. ඒ නිසා එතුමාණෝ ඔවුන්ගේ ගැළවුම්කාරයාණෝ වූ සේක.


අහෝ! භයානක දවසක් පැමිණෙන්නේ ය; ඊට සම කළ හැකි අන් දවසක් නොවන්නේ ය. එය ජාකොබ්ගේ පරපුරට විපත් දවසක් වන්නේ ය. එහෙත්, ඔවුන් එයින් ද ගළවනු ලබනු ඇත.”


පිටුවහල් වී සිටින්නෙනි, දැන් නුඹලාට බලාපො‍රොත්තු තිබෙන නිසා, නුඹලාගේ ආරක්ෂා ස්ථානයට පැමිණෙන්න. නුඹලා විඳි දුක්වලට වන්දි වශයෙන් නුඹලාට දෙගුණයක් ආශීර්වාද මා දෙන බව ප්‍රකාශ කරමි.


මහ පොළොව කම්පා වෙතත්, කඳු වැටි මහ මුහුදට කඩා වැටෙතත්,


සමිඳුනි, අපට දයා වුව මැනව. අප අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි තබා ඇත. දිනෙන් දින අප ආරක්ෂාකර ඔබේ බාහු බලයෙන් අප රැකගත මැනව. කරදර ඇති කාලවල දී අප මුදාගත මැනව.


සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්