Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 12:3 - Sinhala New Revised Version

3 එහෙත් සමිඳුනි, ඔබ මා දන්න සේක; ඔබ මා දකින සේක. ඔබට ඇති මාගේ ලැදිකම ද ඔබ විමසන සේක. මරණයට නියමිත බැටළුවන් මෙන් මේ සෙනඟ වෙන් කර, ඝාතන දවසට ඔවුන් සූදානම් කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එහෙත් සමිඳුනි, ඔබ මා දන්න සේක; ඔබ මා දකින සේක. ඔබට ඇති මාගේ ලැදිකම ද ඔබ විමසන සේක. මරණයට නියමිත බැටළුවන් මෙන් මේ සෙනඟ වෙන් කර, ඝාතන දවසට ඔවුන් සූදානම් කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 එහෙත්, ස්වාමීන්වහන්ස, ඔබ මා දන්නාසේක; ඔබ මා දකිනසේක, මාගේ සිත ඔබ කෙරෙහි තිබෙන්නේ කොහොමද කියා ඔබ විභාගකරනසේක. ඔවුන් මරණයට නියම බැටළුවන් මෙන් වෙන්කර, මරා දැමීමේ දවසට සූදානම්කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 12:3
23 හුවමාරු යොමු  

“අහෝ, සමිඳුනි, මා සැබෑකමිනුත්, සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර ඔබේ ඇස් හමුයෙහි හරි දේ කළ බව සිහි කළ මැනව”යි අතිශයින් හැඬුවේ ය.


මාගේ දෙවියන් වහන්ස, ඔබ සිත සෝදිසි කරන බවත්, අවංකකමට ප්‍රසන්න බවත් දනිමි. මම වනාහි මාගේ සිතේ අවංකකමින් මේ සියල්ල කැමැත්තෙන් ම ඔප්පු කෙළෙමි. දැන් මෙහි සිටින ඔබේ සෙනඟ ද සතුටු සිතින් ඔබට පඬුරු පූජා කරන බව ප්‍රීතියෙන් දිටිමි.


එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත.


සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක; එතුමාණෝ සැහැසිකම් කරන්නාට වෙර බඳින සේක;


දෙවිඳුනි, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකර, මාගේ සිතිවිලි දැනගත මැනව.


ඔබ මසිත උරගා බැලූ සේක; රාත්‍රියේ මා පරීක්ෂා කළ සේක; ඔබ මා විමසා බැලූ සේක; එහෙත්, කිසි නපුරක් නැති බව දුටු සේක.


සමිඳුනි, මා ගැන යුක්තිය ඉටු කළ මැනව. මන්ද, මාගේ හැසිරීම නිදොස් ය. සමිඳුන් කෙරේ අචල විශ්වාසයක් මට ඇත.


මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න; දහම් රජය පිහිටුවන්න.


එවිට ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “සමිඳුනි, ඔබ සියල්ල දන්න සේක, මා සිහි කොට, මා දෙස බලා මට පීඩා කරන්නන්ගෙන් මා වෙනුවෙන් පළිගත මැනව. ඔවුන් කෙරේ ඇති ඔබේ ඉවසිලිවන්තකම නිසා මා තුරන් නොකළ මැනව. ඔබ නිසා මා නින්දාව ඉසිලූ බව සිහි කළ මැනව.


එහෙත් සමිඳුනි, ඔබ දන්න පරිදි ඔවුන් පිට විනාශය පමුණුවන්නට වත්, නපුරු කාලයක් ඔවුන්ට ගෙනදෙන්නට වත් මම ඔබෙන් නොඉල්ලුවෙමි. මා මුවින් නික්මුණු වචන ඔබ දන්න සේක.


මට පීඩා කරන්නෝ ලජ්ජාවට පැමිණෙත් වා! මම ලජ්ජාවට නොපැමිණෙම් වා! ඔව්හු භීතියට පැමිණෙත් වා! මම භීතියට නොපැමිණෙම් වා! විපත් දවස ඔවුන් පිට පමුණුවා ඔවුන් සහමුලින් ම වනසාලුව මැනව.


සව් බලැති සමිඳුනි, සැදැහැවතුන් පිරික්සන, මාගේ සතුරන්ගේ සිත හද විනිවිද දකින ඔබ තුමාණන් මාගේ සතුරන්ගෙන් පළිගනු දැකීමට මට වර දුන මැනව. මම මාගේ විනිශ්චය ඔබ අතට පවරන්නෙමි.


“මෝවබ් සහ එහි නගරවල විනාශකයා පැමිණෙයි. එහි කදිම තරුණයෝ මැරුම් කෑමට බැස ගියෝ ය. මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ නම් රජ තුමාණන් වන මම ය.


ඇගේ සියලු හේවායන් මරාදමන්න; ඔවුන් ඝාතනය කරන්න; ඔවුන්ට වන විපතක මහත! ඔවුන්ට දඬුවම් දීමේ දවස දැන් ළඟා වී තිබේ.”


කඩුවෙන් නැසුණු අය බබිලෝනියාවේ වීදිවල වැටී සිටින්නෝ ය. තුවාළ වූවෝ ද වීදිවල වැටී සිටින්නෝ ය.


උන් වහන්සේ තුන් වන වරටත් ඔහුට කතා කොට, “ජොහන්ගේ පුත්‍ර වූ සීමොන්, ඔබ මට ප්‍රේම කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක. තුන් වන වරටත්, ‘මට ප්‍රේම කරන්නෙහි දැ’යි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී: “ස්වාමීනි, ඔබ සියල්ල දන්නා සේක; මා ඔබ වහන්සේට ප්‍රේම කරන බව ඔබ වහන්සේ දන්නා සේකැ”යි කී ය. “මාගේ බැටළුවන් පෝෂණය කරන්නැ”යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක.


ඔබ මෙලොව කම් සැප විහරණයෙහි ඇලී ගැලී, මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවූවහු ය. ඒ දිනය දැන් පැමිණ ඇත.


එහෙත් අල්ලාගෙන විනාශ කරනු ලැබීමට උපන් නුවණ නැති තිරිසනුන් වැනි මොවුහු, තමන් නොදන්නා දෙයට අපහාස කරති. ඔව්හු වන මෘගයන් මෙන් විනාශ කරනු ලබති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්