Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 11:22 - Sinhala New Revised Version

22 “මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම් කන්නෝ ය; ඔවුන්ගේ පුත්‍රයෝ ද දූවරු ද සාගතයෙන් මැරෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 “මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම් කන්නෝ ය; ඔවුන්ගේ පුත්‍රයෝ ද දූවරු ද සාගතයෙන් මැරෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 බලව, මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි. යෞවනයෝ කඩුවෙන් මැරුම්කන්නෝය; ඔවුන්ගේ පුත්‍රයෝද දූවරුද සාගතයෙන් මැරෙන්නෝය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 11:22
9 හුවමාරු යොමු  

එහෙත්, දැන් ඔවුන්ගේ දරුවන් හාමතේ මැරෙන්නට හැරිය මැනව. යුද්ධයෙන් මැරෙන්නට සැලසුව මැනව; ඔවුන්ගේ භාර්යාවන්ගේ දරුවෝ ද පුරුෂයෝ ද නැති වෙත් වා! ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත් වා! ඔවුන්ගේ තරුණයෝ යුද්ධයේ දී කඩුවෙන් මැරුම්කත් වා!


ඒ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව කල්දිවරුන්ගේ රජ එවූ සේක. ඔහු ඔවුන්ගේ ශුද්ධස්ථානයේ දී ඔවුන්ගේ යෞවනයන් කඩුවෙන් මැරී ය. ඔහු යෞවනයාට වත්, කන්‍යාවට වත්, මහල්ලාට වත්, රෝගියාට වත් අනුකම්පා නොකෙළේ ය. උන් වහන්සේ ඔවුන් සියල්ලන් ඔහු අතට පාවා දුන් සේක.


බාලයා ද මහල්ලා ද වීදිවල බිම වැතිර සිටිති; මාගේ තරුණ තරුණියෝ කඩු පහරින් වැටුණෝ ය. ඔබේ උදහසේ දවසේ දී ඔබ ඔවුන් නැසූ සේක; නිර්දය ලෙස ඔවුන් ඝාතනය කළ සේක.


මන්ද, වීදිවල ළමයින් ද කඩ මණ්ඩිවල තරුණයන් ද වනසමින් මරුවා අපේ ජනේල සමීපයට ද නිවාසවලට ද ඇතුළු වී ඇත.


එහෙත්, මම නුඹලාගේ ක්‍රියාවල විපාකය හැටියට නුඹලාට දඬුවම් කරන්නෙමි. මම එහි ඇති කැළෑ රොදට ගිනිලන්නෙමි. ඊට හාත්පසින් ඇති සියලු තැන් එයින් දැවී යන්නේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


මම ජෙරුසලමට දඬුවම් කළ පරිදි මිසර දේශයෙහි වාසය කරන්නන්ටත් කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි.


එබැවින් එහි තරුණයෝ චතුරශ්‍රයන්හි වැටෙන්නෝ ය. ඒ දවසේ දී ඇගේ හේවායෝ විනාශයට පත් වන්නෝ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


“මා මිසර දේශයේ ඇති කළ වසංගතයට සමාන වසංගතයක් නුඹලා අතරේ ද ඇති කෙළෙමි; නුඹලාගේ තරුණයන් ද කඩුවෙන් මරාදමා, නුඹලාගේ අශ්වයන් පැහැරගෙන ගියෙමි; කඳවුරුවල දුර්ගන්ධයෙන් නුඹලාගේ නාස් පුඩු පිරෙව්වෙමි. එහෙත්, නුඹලා මා වෙත හැරී නාවහු ය”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්