Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 81:1 - Sinhala New Revised Version

1 අපේ ශක්තිය වන දෙවිඳුන්ට ඉමහත් ප්‍රීති හඬ නඟන්න; ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 අපේ ශක්තිය වන දෙවියන් වහන්සේට ඉමහත් ප්‍රීති හඬ නඟන්න; ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 අපේ ශක්තියවූ දෙවියන්වහන්සේට උස්වූ ශබ්ද නගා ගී කියව්. යාකොබ්ගේ දෙවියන්වහන්සේට ප්‍රීතිනාද පවත්වව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 81:1
16 හුවමාරු යොමු  

ලෝ වැසි සියල්ලෙනි, දෙවිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාතීන් අතර අගතැන්පත් ඉශ්රායෙල් ගැන ප්‍රීතියෙන් ගී ගයන්න. ‘සමිඳාණෝ සිය සෙනඟ ගැළවූ සේක; ඉතිරි ව සිටින සෙනඟ මුදාගත් සේක’ කියමින් හඬ නඟා පැසසුම් ගී ගයමින් ප්‍රශංසා කරන්න.


සව් බලැති සමිඳාණෝ අප සමඟ ය; ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.


සමිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද? ඔබේ තේජෝ මහිමය සගලොවින් එපිට පිළිරැව් දෙන්නේ ය.


මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය.


සමිඳාණෝ මාගේ ශක්තිය ය; මාගේ පලිහ ය. මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි; මම පිහිට ලදිමි. එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි; මම එතුමන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි.


‘ මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය; ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය.”


ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක; මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක; එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා!


“දෙවි තුමන් සරණ කොට නොගන්න මිනිසා මොහු ය; තම සම්පත කෙරෙහි විශ්වාසය තබමින් දුෂ්ටකම සරණ කොටගත් තැනැත්තා මොහු ය.”


‘දැන් ඉතින් ඔබේ සහෝදරයන් ඔබට කළ සියලු නපුරුකම්වලටත්, ඔවුන්ගේ ඒ අපරාධයට හා පාපයටත් කරුණාකර ඔවුන් කමා කරන්නැ’යි ජෝසෙප්ට දැන්වීමට අපට අණ කෙළේ ය. එබැවින් දැන් කරුණාකර, ඔබ පියාගේ දෙවියන්ගේ දාසයන් වන අප කළ අපරාධයට සමාව දෙන්නැ”යි කී හ. එහෙත් එලෙස ඔහුට කී විට, ජෝසෙප් හඬන්නට විය.


ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගේ නාම නම්: ලිබ්නි සහ ෂිමෙයි ය.


සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්