Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 80:2 - Sinhala New Revised Version

2 කෙරුබ්වරුන් මත අසුන් අරා දර්ශනය වුව මැනව. එප්‍රායිම්, බෙන්ජමින් සහ මනස්සේ යන අයගේ පෙළපත් අබිමුව තෙදින් වැජඹෙනු මැනව. අප මුදාගැනීමට වැඩිය මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 කෙරුබ්වරුන් මත අසුන් අරා දර්ශනය වුව මැනව. එප්‍රායිම්, බෙන්ජමින් සහ මනස්සේ යන අයගේ පෙළපත් අබිමුව තෙදින් වැජඹෙනු මැනව. අප මුදාගැනීමට වැඩිය මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එප්‍රායිම්ද බෙන්යමින්ද මනස්සේද ඉදිරියෙහි ඔබගේ බලය පාමින්, අප ගළවන පිණිස වැඩිය මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 80:2
14 හුවමාරු යොමු  

මාගේ දෙවිඳුනි, මාගේ සමිඳුනි, මා වෙනුවෙන් ඉදිරිපත් වුව මැනව; මාගේ නඩුව අසා, යුක්තිය ඉටු කළ මැනව.


ඒ නැව්වල ආම්පන්නවලින් වැඩක් නැත.


එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. “බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු.”


එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.


මම ද එහි දී නුඹ හමුවෙමි. කරුණාසනයට ඉහළින් ගිවිසුම් කරඬුව මත සිටින කෙරුබ්වරුන් දෙදෙන මැදින්, ඉශ්රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි.”


ඒ කී ලෙස ඔව්හු ෂිලෝ නගරයට මිනිසුන් යවා, කෙරුබ්වරුන් අතර පිහිටි සිහසුන මත වැඩහිඳින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන්වා ගත්හ. හොප්නි සහ පිනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සමඟ පැමිණියහ.


පූජකවරු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අතිශුද්ධස්ථානය වන දේව මාලිගාවේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනවුත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඊට නිසි තැන එය තැබූ හ.


උන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කරමින්, “කෙරුබ්වරුන් අතර වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ ම, ඔබ පමණක් ම, දෙවියන් වහන්සේ ය; ඔබ අහසත්, පොළොවත් මැවූ සේක.


අලංකාරයෙන් අගතැන් පත් සියොන්හි සිට, දෙවිඳාණෝ වැජඹෙන සේක.


සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්