Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 79:7 - Sinhala New Revised Version

7 මන්ද, ඔව්හු ජාකොබ්ගේ පරපුර බිඳදැම්මෝ ය; ඔවුන්ගේ ගම්බිම් පාළු කොට දැම්මෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මන්ද, ඔව්හු ජාකොබ්ගේ පරපුර බිඳදැම්මෝ ය; ඔවුන්ගේ ගම්බිම් පාළු කොට දැම්මෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 මක්නිසාද ඔව්හු යාකොබ් නාස්ති කොට ඔහුගේ වාසස්ථාන පාළුකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 79:7
9 හුවමාරු යොමු  

එහෙත්, සැප ජීවිකාවෙන් කල් යවන ජාතීන් කෙරෙහි මම අධික ලෙස උදහස් වී සිටිමි. මාගේ සෙනඟට මා දැක්වූ උදහස සුළු ව තිබිය දී මේ ජාතීහු මාගේ සෙනඟට මා සිතුවාට වඩා පීඩා කළහ. ඒ නිසා සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.


ඔවුන්ට මුණගැසුණු සියල්ලෝ ම ඔවුන් ගොදුරු කොට ගත්තෝ ය. ඔවුන්ගේ එදිරිකාරයෝ කතා කොට, ‘ඔව්හු තමන්ගේ සරණය වන සමිඳාණන් වහන්සේට, එනම්, තමන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුව වූ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. අපි වැරදිකාරයෝ නොවමු’යි කීවෝ ය.


වල් ඌරෝ එය පාගා දැම්මෝ ය; නිදැල්ලේ සැරිසරන වල් සත්තු එය කා දැම්මෝ ය.


මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිඳාණන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ය. ඒ වචනය නම්, “නොපවත්වන ලද සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තෑ අවුරුද්දක් දේශය පාළු වනු ඇත” යන්න යි.


නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.


සමිඳුනි, අප කෙරේ අධික ලෙස උදහස් නුවුව මැනව. අපේ අපරාධ සදහට ම අමතක කළ මැනව. අනේ බැලුව මැනව! අපි සියල්ලෝ ම ඔබේ සෙනඟ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්