Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 79:13 - Sinhala New Revised Version

13 එවිට ඔබේ තණ බිමේ බැටළුවෝ ද ඔබේ සෙනඟ ද වන අපි සදහට ම ඔබට ස්තුති කරන්නෙමු. පරපුරෙන් පරපුරට අපි ඔබට පැසසුම් කරන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එවිට ඔබේ තණ බිමේ බැටළුවෝ ද ඔබේ සෙනඟ ද වන අපි සදහට ම ඔබට ස්තුති කරන්නෙමු. පරපුරෙන් පරපුරට අපි ඔබට පැසසුම් කරන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එවිට ඔබගේ සෙනඟද ඔබ පාලනය කරන බැටළුවෝද වූ අපි සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමුව; සියලු පරම්පරාවලට ඔබගේ ප්‍රශංසාව ප්‍රකාශකරන්නෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 79:13
9 හුවමාරු යොමු  

එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත!


ඔව්හු, මා උදෙසා ම, මා විසින් මවන ලද සෙනඟ ය. ඔවුන් මට ප්‍රශංසා කරනු ඇත.”


සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය. එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.


අහෝ දෙවිඳුනි! ඔබ සදහට ම අප අත්හරින්නේ මන් ද? ඔබේ තණ බිම්හි බැටළුවන්ට විරුද්ධ ව ඔබේ උදහස නඟින්නේ මන් ද?


පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති; ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති.


දෙවිඳුනි, නැඟිට විසඳුව මැනව. යුක්තිය රැක ගැනීමට සටන් කළ මැනව. නොදැහැමියන් දවස පුරා ඔබට නිගා කරන බව සිහි කළ මැනව.


සමිඳුනි, ඔබට නිගා කළ සතුරන්ගේ අපහාස සිහිකළ මැනව. ඔබේ නාමය ගැරහු අදමිටුන් සිහිකළ මැනව.


මම ඔබේ යසස, සියලු පරපුරට සිහි කරවන්නෙමි. සව් සත සදා ඔබට පසස් ගී ගයන්නෝ ය.


දවස පුරා අපි ඔබ පසසමු; සදහට ම අපි ඔබට තුති දෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්