Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:7 - Sinhala New Revised Version

7 මෙසේ ඔව්හු දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්නෝ ය. එතුමන්ගේ අණපණත් සදහට ම පිළිපදින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 මෙසේ ඔව්හු දෙවිඳුන් තුළ බලාපොරොත්තුව තබා, එතුමාණන්ගේ ක්‍රියා කවදා වත් අමතක නොකරන්නෝ ය. එතුමාණන්ගේ අණපනත් සදහට ම පිළිපදින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 තමුන්ගේ විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි තබා, උන්වහන්සේගේ ක්‍රියා සිහිනැති නොකොට, උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන පිණිසත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:7
26 හුවමාරු යොමු  

මට ගරුබිය දැක්වීමටත්, ඔවුන්ටත්, ඔවුන්ගේ පෙළපත්වලටත් සදහට ම ශුභසිද්ධිය සලසන පිණිස මාගේ අණපණත් නිරතුරුව පිළිපැදීමටත් තුඩු දෙන සිතක් ඔවුන් තුළ මෙලෙස ඇත්නම් කෙතරම් වාසනාවක් ද!


දෙවියන් වහන්සේගේ ආඥා ද, ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද රක්ෂා කරන සැදැහැවතුන්ට ඉවසීම අවශ්‍ය වන්නේ මේ නිසා ය.


දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන් වහන්සේගේ ආඥා පිළිපැදීම යි. උන් වහන්සේගේ ආඥා පිළිපැදීම දුෂ්කර නොවේ.


පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න.


මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.


සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ඔහු මට ප්‍රේම කරන්නේ නම්, මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්, මම ඔහු රැකගන්නෙමි.


පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි.


“මම අද දින ඔබට අණ කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ද නීති හා නියෝග ද නොපිළිපැදීමෙන් උන් වහන්සේ අමතක නොකරන ලෙස වගබලාගන්න.


තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න.


ඔබ මෙම ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කොට මහිමයට පත් කළ දෙවියන් වහන්සේ අදහන්නහු ය. මෙලෙස දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද බලාපොරොත්තුව ද ඔබට ඇත.


ස්තුති කොට, කඩා: “මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය ය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.


ජාකොබ්ගේ දෙවිඳුන් සරණ පතන, සිය දෙවි සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තේ වාසනාවන්ත ය.


එතුමන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමන් කළ පුදුම ක්‍රියා ද එතුමන්ගේ ආශ්චර්යයන් ද එතුමන් දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.


මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.


වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ අමතක නොකරන්නට වගබලාගන්න.


ඔබ ඔහුට පිළිතුරු දෙමින් මෙසේ කිව යුතු ය: ‘මිසරයේ දී අපි පාරාවෝ රජුගේ වහලුන් මෙන් සිටියෙමු. එහෙත්, සමිඳාණන් වහන්සේ තම බාහු බලය පාමින් මිසරයෙන් අප ගෙනා සේක.


අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට අණ කළ පරිදි මේ අණපණත් සියල්ල අප ඉටු කළොත් එය අපට යුතු මාර්ගය වනු ඇතැ’යි කිව යුතු ය.”


එසේ කෙළේ, ඔවුන් එතුමන්ගේ අණපණත් රක්ෂා කරන පිණිස ය, එතුමන්ගේ නීති නියෝග පවත්වන පිණිස ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්