Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 78:59 - Sinhala New Revised Version

59 දෙවිඳුන්ට මෙය ඇසුණු විට එතුමාණෝ බලවත් ලෙස උදහස් වූ සේක; එතුමාණෝ ඉශ්රායෙල්වරුන් ප්‍රතික්ෂේප කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

59 දෙවිඳුන්ට මෙය ඇසුණු විට එතුමාණෝ බලවත් ලෙස උදහස් වූ සේක; එතුමාණෝ ඉශ්රායෙල්වරුන් ප්‍රතික්ෂේප කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

59 දෙවියන්වහන්සේ මේ අසා උදහස්වූසේක, ඉශ්‍රායෙල් ඉතා පිළිකුල්කළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 78:59
9 හුවමාරු යොමු  

එබැවින් සමිඳුන්ගේ උදහස තමන් සෙනඟට විරුද්ධ ව ඇවුළුණේ ය. එතුමාණෝ තමන් උරුම කරගත් දේශය පිළිකුල් කළ සේක.


මට ද්වේෂ කළ එඬේරුන් තිදෙනෙකු ගැන මට ඉවසාගත නොහැකි ව එක මාසයක් ඇතුළත දී ඔවුන් නැසුවෙමි.


සමිඳාණෝ තමන් පූජාසනය ප්‍රතික්ෂේප කළ සේක. තමන් ශුද්ධස්ථානය අත්හැරදැමූ සේක. ඇගේ මාලිගාවල පවුරු සතුරා අතට පවරා දුන් සේක. මංගල්‍ය දවසක දී මෙන් සමිඳාණන්ගේ මාලිගාවෙහි ඔව්හු ඝෝෂා කළෝ ය.


හිමි තුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක. එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය. හිමි තුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක.


සමිඳාණෝ එය දැක, ඔවුන්ගේ දූ පුතුන් එතුමන් කුපිත කළ නිසා, ඔවුන් පිළිකුල් කළ සේක.


කෙසේ වුව ද, ඔවුන්ගේ සතුරන්ගේ රටවල සිටින විට ඔවුන් සහමුලින් ම වනසාලනු පිණිස ද මා සමඟ පිහිටුවාගත් ගිවිසුම කඩ කිරීමට මඟ නොපෑදෙන ලෙස ද මම ඔවුන් අත් නොහරිමි. මම ඔවුන් පිළිකුල් නොකරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


තවද, නුඹලා යන්නට කලින් මා පන්නාදමන විජාතීන්ගේ සිරිත් නොපිළිපැදිය යුතු ය. ඔවුන් මෙවැනි දේවල් කළ නිසා මම ඔවුන් පිළිකුල් කෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්