Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 68:7 - Sinhala New Revised Version

7 අහෝ දෙවිඳුනි! සෙනඟට පෙරටුවෙන් ඔබ ගමන් කළ සේක; කාන්තාරය ඔස්සේ යුද පෙරහරින් ඔබ වැඩිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 අහෝ දෙවිඳුනි! සෙනඟට පෙරටුවෙන් ඔබ ගමන් කළ සේක; කාන්තාරය ඔස්සේ යුද පෙරහරින් ඔබ වැඩිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 දෙවියන්වහන්ස, ඔබ තමන් සෙනඟට පෙරටුව නික්ම ගිය කලද වනාන්තරය මැදින් ගිය කලද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 68:7
10 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ දිවා කාලයේ දී ඔවුන්ට මඟපෙන්වීමට වලා ටැඹකින් ද රාත්‍රි කාලයේ දී ආලෝකය දීමට ගිනි ටැඹකින් ද ඔවුන්ට පෙරටුව ගිය සේක. මෙලෙස ඔවුන්ට දිවා රෑ දෙක්හි ම ගමන් කරන්නට හැකි විය.


සමිඳුනි, ඔබ සේයිර් සිට නික්ම ගිය කල, ඒදොම් සිට නැඟී ආ විට දෙරණ දෙදරා ගියේ ය; ගුවනින් වැසි වැස්සේ ය; මේඝයෙන් වතුර වෑස්සුණේ ය.


එවිට දෙබොරා බාරාක් අමතා, “නැඟිටින්න, මන්ද, සමිඳාණන් වහන්සේ සිසෙරා ඔබ අතට පාවා දෙන දවස මේ ය: සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුව යන සේකැ”යි කීවා ය. එහෙයින්, බාරාක් ද ඔහු අනුව මිනිස්සු දසදහසක් ද තාබෝර් කන්දෙන් බැස ගියෝ ය.


“දොරටුව බිඳින්නා ඔවුන්ට පෙරටුව යයි. ඔව්හු නගර දොරටු බිඳගෙන එයින් පිට වී යන්නෝ ය. ඔවුන්ගේ රජතුමාණන් වන සමිඳාණන් වහන්සේ ඔවුන්ට පෙරටුවෙන් යනු ඇත.”


ඔබ බලා සිටිය දී ම මිසරයේ දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කළ සියල්ල අනුව වෙන කිසියම් දෙවි කෙනෙක්, අභියෝග දක්වා, හාස්කම් සහ අරුමපුදුම දේ පා, යුද්ධයෙන් ද, බාහු බලයෙන් හා දිගු කළ හස්තයෙන් ද මහා බියජනක දේ කර, එක් ජාතියක් තවත් ජාතියක් මධ්‍යයෙන් තෝරාගන්නට වැඩිය සේක් ද?


එතුමාණෝ සරු බිම ලුණු කතරක් කරන සේක. ඊට හේතුව වැසියන්ගේ අපරාධ වන්නේ ය.


සමිඳාණෝ පීඩා විඳින්නන්ට යුක්තිය ඉටු කර දෙන සේක; සාගිනි වූවන්ට ආහාර දෙන සේක;


මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්