Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 68:30 - Sinhala New Revised Version

30 රජවරුන් යටහත් වී රිදී පඬුරු ගෙනෙන තෙක්, බට ගස් අතර සිටින වන සතා වන මිසරයට ද ඔහුගේ පැටවුන් සහිත වන ගව රැළ වන විජාතීන්ට ද තරවටු කළ මැනව. සටනට ලැදි වන සියලු සෙනඟ විසුරුවා හැරිය මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 රජවරුන් යටහත් වී රිදී පඬුරු ගෙනෙන තෙක්, බට ගස් අතර සිටින වන සතා වන මිසරයට ද ඔහුගේ පැටවුන් සහිත වන ගව රැළ වන විජාතීන්ට ද තරවටු කළ මැනව. සටනට ලැදි වන සියලු සෙනඟ විසුරුවා හැරිය මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 නළාගස් අතරෙහිවූ වල් සතාටද ගොන් සමූහයා සහ වස්සන් වැනි ජනයන්ටද තරවටුකළ මැනව; රිදී මිල සහිතව එකිනෙකා යටත්වේ; යුද්ධයට ප්‍රියවූ මනුෂ්‍ය වර්ගයන් විසරවුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 68:30
21 හුවමාරු යොමු  

ඔබ අතර ආරාවුල් හා කලකෝලාහල ඇති වෙන්නේ කෙසේ ද? ඒවා හටගන්නේ ඔබගේ ඉඳුරන් තුළ සටන් කරන තෘෂ්ණාවලින් නොවේ ද?


මාගේ හද පත්ලෙන් මම දෙවියන් වහන්සේගේ ආඥාවට ප්‍රිය කරමි.


නුඹ කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නයිල් ගඟ මැද ලගින, නයිල් ගඟ මාගේ ම ය කියාත්, මම ම ඒක සාදාගත්තෙමි කියාත් කියන මහ කිඹුලා වන මිසරයේ පාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි.


“බබිලෝනියේ වැසියෙනි, නුඹලා මාගේ දේශය කොල්ලකෑවහු ය. ගොයම් මඩින එළ නෑම්බියක මෙන් නුඹලා පැන පැන සිටිමින්, ශක්තිමත් අශ්වයන් මෙන් හේෂාරවය කරමින් ප්‍රීති වන්නහු ය.


වල් මීහරකුන් හා ගොන් නාම්බන් සමඟ ඔව්හු ඇද වැටෙන්නෝ ය. ඔවුන්ගේ ලෙයින් දේශය රතු වන්නේ ය; ඔවුන්ගේ තෙලින් භූමිය වැසී යන්නේ ය.


මම සාමය සොයන්නෙමි; එහෙත්, ඒ ගැන කතා කරන විට ඔව්හු සටනට සැරසෙති.


ඔබ රාහබ් නම් දිය රකුසා කැබලි කොට සුණු විසුණු කරදැමූ සේක; සිය බාහු බලය පා සතුරන් පලවා හළ සේක.


මා ගැන ඇසූ කෙණෙහි ම ඔව්හු මට කීකරු වන්නෝ ය; විදේශීහු බැගෑපත් ලීලාවෙන් මා සොයා එන්නාහ.


බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න. නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත. මන්ද, එතුමන් උදහස වහා ඇවිලෙන්නේ ය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.


ඌ කටු පඳුරු යට බට පඳුරු හා වගුරු සෙවණෙහි ලගියි.


අරාබියේ සියලු රජවරු ද දේශයේ ආණ්ඩුකාරයෝ ද සලමොන්ට රන් රිදී ගෙනාවෝ ය.


ඔව්හු අවුරුද්දෙන් අවුරුද්ද තම තමන්ගේ තෑගි වන රිදී භාජන ද රන් භාජන ද වස්ත්‍ර ද යුද්ධායුධ ද සුගන්ධ ද්‍රව්‍ය ද අශ්වයන් ද කොටළුවන් ද නියම ගණනක් ගෙනාවෝ ය.


තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;


විශාල සෙනඟක් ද බලසම්පන්න ජාතීහු ද සියලු බලැති සමිඳාණන් වහන්සේ අයැද උන් වහන්සේට ආසිරි පතන පිණිස ජෙරුසලමට පැමිණෙන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්