Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 62:12 - Sinhala New Revised Version

12 සමිඳුනි, තිර පෙම ඔබ සතු ය. මන්ද, මිනිසා කළ කළ දේ අනුව ඔබ විපාක දෙන සේක’ යනු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 සමිඳුනි, තිර පෙම ඔබ සතු ය. මන්ද, මිනිසා කළ කළ දේ අනුව ඔබ විපාක දෙන සේක’ යනු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 62:12
26 හුවමාරු යොමු  

මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.


සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය; නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය.


මන්ද, එතුමාණෝ මිනිසෙකුගේ ක්‍රියාවල හැටියට ඔහුට ප්‍රතිඵල දෙන සේක. එකිනෙකාගේ හැසිරීම අනුව විපාක දෙන සේක.


ඒ දවසේ දී උන් වහන්සේ හැම මිනිසෙකුට ම ඔහුගේ ක්‍රියා අනුව විපාක නියම කරනු ඇත.


මාගේ සමිඳුනි, ඔබ මෙත් සිත් ඇති දයානුකම්පාව පාන දෙවිඳාණෝ ය, ඉවසන සුලු, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් සපිරි තැනැන් වහන්සේ ය.


මන්ද, අපි සියලුදෙනා ම තම තමාගේ ශාරීරික ජීවිතයේ දී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියම ව සිටිමු.


පැළ කළ තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙකා තම තමාගේ වැඩය අනුව නිසි විපාකය ලබන්නේ ය.


සමිඳුනි, ඔබේ ඉතිරි කුඩා පිරිසේ අපරාධය මකා දමා, ඔවුන්ගේ පව් පහකරන, ඔබට සම අන් දෙවි කෙනෙක් සිටිත් ද? එතුමාණෝ උදහස සදහට ම තබා නොගන්න සේක. මන්ද, එතුමාණෝ තිරසර පෙම ප්‍රිය කරන සේක.


උන් වහන්සේට විරුද්ධ ව අප කැරලි ගසා ඇති නමුත්, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දයාන්විත ය, ක්ෂමාගුණයෙන් යුක්ත ය.


“එබැවින්, අහෝ ඉශ්රායෙල්වරුනි, මම නුඹලා එකින් එකා පෞද්ගලික වශයෙන් තම තමාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. පසුතැවී සිත් හරවා ගෙන නුඹලා කළ සියලු වරද හැර දමන්න; එවිට අයුතුකම නුඹලාගේ විනාශයට කාරණයක් නොවන්නේ ය.


“මම මේ ගැන කිසිත් නොදනිමි”යි ඔබ කියතත්, යටි හිත විමසන දෙවි තුමාණෝ එය නොදකිත් ද? ඔබ පිරික්සා බලන උතුමා එය නොදන්නේ ද? එක එක මිනිසාගේ එක එක ක්‍රියාවට විපාක නොදෙන්නේ ද?


“මෙන්න, මම ඉක්මනින් එමි. එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව විපාක දීම මා සතු ව ඇත.


තවද, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන තැනැන් වහන්සේට ‘පියාණෝ ය’ කියා ඔබ යාච්ඤා කරන්නහු නම්, මිහි පිට ඔබ විදේශී ව සිටින කාලය දේව ගරුබියෙන් ගත කරන්න.


වැරදි කරන්නා තමා කරන වැරදිවල පල විපාකය ලබන්නේ ය. දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන සේක.


දාසයෙක් හෝ නිර්දාසයෙක් හෝ වේවා, යමෙකු කරන යහපත් දේ අනුව දෙවියන් වහන්සේ ඔහුට විපාක දෙන බව මතක තබාගන්න.


මාගේ දෙවියන් වහන්ස, ඔබේ කන් යොමු කර ඇසු ව මැනව; ඔබේ ඇස් ඇර අපේ අසරණකම ද ඔබේ නාමය දරන නුවර ද බැලුව මැනව. මන්ද, අපේ කන්නලව් අප ඔබ ඉදිරියේ ඔප්පු කරන්නේ, අපේ ම ධර්මිෂ්ඨකමක් නිසා නොව, ඔබේ ම මහත් දයාව නිසා ය.


එහෙත්, ‘සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ යැ’යි නුඹලා කියන්නහු ය. එම්බා ඉශ්රායෙල් ජනයෙනි! මම නුඹලා එකිනෙකා තම තමාගේ ම ක්‍රියා ලෙස විනිශ්චය කරන්නෙමි.”


රජතුමා වැලපෙන්නේ ය. අධිපතියා ශෝකයෙන් කලකිරෙන්නේ ය. දේශයේ සෙනඟගේ අත් පණ නැති වන්නේ ය. මම ඔවුන්ගේ කල්ක්‍රියාව අනුව ඔවුන්ට දඬුවම් කරන්නෙමි. ඔවුන්ගේ ම විනිශ්චයයන් අනුව ඔවුන් විනිශ්චය කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


ඔබේ අදහස් උදාර ය; ඔබේ ක්‍රියා බලසම්පන්න ය; මිනිසුන් කරන සියලු දේ ඔබට පෙනෙන්නේ ය; ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන සේක.


සමිඳුන්ගේ තිර පෙම, තමන්ට ගරුබිය පාන අය කෙරෙහි සදාකාලයෙන් සදාකාලයට වේ.


මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක.


වස්තුව ද ගෞරවය ද පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබ සියල්ල පාලනය කරන සේක. බලය ද පරාක්‍රමය ද ඔබ අතෙහි ය. සියල්ලන් උසස් කරන්නටත්, ශක්තිමත් කරන්නටත්, බලය තිබෙන්නේ ඔබ අතෙහි ය.


ශක්තිය ගැන සිතමු නම්, එය ඇත්තේ එතුමන්ට ය. මා ගැන යුක්තිය විසඳීම උදෙසා එතුමන් කැඳවීමට සමතා කවරෙක් ද?


දෙවි තුමාණෝ නැවත නැවත කතා කරන සේක; එහෙත්, මිනිසා සලකන්නේ නැත.


දෙවිඳුන්ගේ මහානුභාවය අචින්ත්‍ය ය, බලපරාක්‍රමයෙන් ද යුක්තියෙන් ද දැහැමිකමෙන් ද එතුමාණෝ උත්තරීතර ය. එතුමාණන්ට ළඟා වීමට අපට නොහැකි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්