Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 58:9 - Sinhala New Revised Version

9 ඔව්හු මුලිනුපුටා දැමූ කටු පඳුරු මෙන් වෙත් වා! කෝපයෙන් උදලුගා දැමූ වල් පැළෑටි මෙන් වෙත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔව්හු මුලිනුපුටා දැමූ කටු පඳුරු මෙන් වෙත් වා! කෝපයෙන් උදලුගා දැමූ වල් පැළෑටි මෙන් වෙත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 නුඹලාගේ සැළිවලට කටුදරඋෂ්ණය වදින්ට පළමුවෙන්, උන්වහන්සේ අමු දරත් දැවෙන දරත් එක ලෙසම සුළිසුළඟකින් පහ කරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 58:9
17 හුවමාරු යොමු  

සැඬ සුළඟ පහවෙත් ම දුදනෝ ද පහ වී යති; එහෙත් සුදනන්ගේ අත්තිවාරම් සදා පවතිනු ඇත.


ඔව්හු මී මැස්සන් මෙන් මා වට කරගත්හ; ගිනිගත් කටු පඳුරක් මෙන් ඔව්හු ඇවිළී ගියහ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි.


මන්ද, සැළිය යට උදුනෙහි දරකෝටු පුපුරන ශබ්දය යම්සේ ද අඥානයාගේ සිනාවත් එසේ ම ය. එහි කිසි ම තේරුමක් නැත.


“බලන්න, සමිඳාණන් වහන්සේගේ උදහස දරුණු සුළි සුළඟක් මෙන් හමමින්, දුෂ්ටයන්ගේ හිස මත කඩා වැටෙයි.


වේගවත් රළ පතර මෙන් ඔවුන් ඉදිරියට ආවත්, දෙවිඳාණෝ ඔවුන්ට තරවටු කරන සේක. එවිට කඳු බෑවුම්වල තිබෙන ධූලි සුළඟටත්, බොල් වී, සුළි සුළඟටත් ගසාගන යන්නාක් මෙන් ඔව්හු පසු බසින්නෝ ය.


ඔව්හු වනාහි සිටුවා වැඩි කල් නොගිය, පොළොවේ මුල් ඇද නොගත් ළා පැළෑටි හා සමාන ය. සමිඳාණන් සුළඟක් එවූ විට පිදුරු මෙන් ඒවා වියළී යනු ඇත; ඉපනැලි මෙන් ගසාගෙන යනු ඇත.


දුෂ්ටයා දුෂ්ට ක්‍රියාවලින් පිරිහෙයි; ධර්මිෂ්ඨයා සිය දැහැමිකමින් සුරැකෙයි.


භීතිය, කුණාටුවක් මෙන් ඔබට පැමිණි විට ද විනාශය, සුළි සුළඟක් මෙන් එන විට ද සිත් වේදනා හා දුක ඇති වන විට ද මම සමච්චල් කරමි.


දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


ඒ මිනිසා සැම විට ම සව් ඉසුරෙන් වැජඹෙනු ඇත. ඉහළින් එන දෙව් නියමය ගැන නම් කිසි දැනුමක් ඔහුට නැත. සිය සතුරන්ට ඔහු නිගා කරයි.


අහංකාර පවිටු දනෝ දිළිඳුන් හට පීඩා කරති; එබැවින් තමන් අටවන උගුල්වල තුමූ ම අසුවෙති.


පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි; සිය නිවෙසින් ඈත පෙදෙසකට ඔහු නෙරපී යයි.


එළියෙන් අඳුරට ඔහු නෙරපාදමනු ලැබේ. ජීවතුන්ගේ ලෝකයෙන් ඔහු පලවා හරිනු ලැබේ.


එහෙත්, උන් වහන්සේ අමුතු දෙයක් කරමින්, භූමියේ කට අයා ඔවුන් ද ඔවුන් සතු සියල්ල ද ගිලගෙන පාතාලයට ඔවුන් පණපිටින් වැටෙන්නට සැලැස්සුවොත්, මේ මිනිසුන් උන් වහන්සේ ප්‍රතික්ෂේප කළ බව නුඹලා දැනගත යුතු ය”යි කීවේ ය.


මෙලොව එළිය නුදුටු දරුවන් මෙන් ගබ්සා වී මා මිය නොගියේ මන් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්