Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 55:5 - Sinhala New Revised Version

5 භීතිය ද ත්‍රාසය ද මට තදින් පීඩා කරන්නේ ය; බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 භීතිය ද ත්‍රාසය ද මට තදින් පීඩා කරන්නේ ය; බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 භයත් වෙවුලුමත් මා කරා පැමිණ තිබේ, භයංකරය මා වසාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 55:5
12 හුවමාරු යොමු  

එවිට දාවිත් ජෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කතා කොට, “අපි පිටත් ව පලා යමු. නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් බේරෙන්නේ නැත. ඔහු වහා ම අප කරා පැමිණ, අප පිට අනතුරු පමුණුවා, කඩුවෙන් නගරයට පහර නො‍දෙන පිණිස පිට වී යන්නට ඉක්මන් කරන්නැ”යි කී ය.


මේ ගැන මෙනෙහි කරන විට පවා මම අන්දුන්කුන්දුන් වෙමි. මාගේ ඇඟ ගැහෙන්නට පටන්ගනියි.


සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත; ඒවායේ වස විස මසිතට කා වැදී ගොස් ඇත. දෙවි තුමන්ගේ බියකරු ක්‍රියා මට එරෙහි ව පෙළගැසී ඇත.


ඔබට බියෙන් මාගේ ගත සිත වෙවුලයි. ඔබේ විනිශ්චයයන්ට මම බිය වෙමි.


මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක. මා යාදිනි එතුමන් වෙත නැඟිණි.


මාගේ දෙවියෙනි, මාගේ හදවත දෙදරා යන්න ළඟ ය, එබැවින් මවු බිමෙන් ඈත, ජොර්දාන් ගංතෙර ද හෙර්මොන් කඳුකරයෙහි ද මිශාර් කන්දෙහි ද සිට මම ඔබ සිහි කරමි.


මාගේ සිතෙහි දිරිය සුන් වන කල පාතාල ලොව ගැටියේ සිට මම ඔබට හඬගසමි. මට නැඟිය නොහැකි පර්වතයකට මා ගෙන ගිය මැනව.


මාගේ හිස කරකැවේ; භීතියෙන් මම වෙවුළමි; සවස් වන තුරු මම බලාපොරොත්තුවෙන් බලා සිටිමි. එහෙත්, සවස් වූ විට ඇති වූයේ භීතිය පමණකි.


ඔව්හු ගෝණි රෙදි ඇඳගන්නෝ ය. භීතියෙන් ඇලළී යන්නෝ ය. හිස් මුඩු කරනු ලැබූ ඔව්හු ලජ්ජාවට පත් වන්නෝ ය.


උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙ‍න් බිම වැටිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්