Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 5:11 - Sinhala New Revised Version

11 ඔබ සරණ යන්නෝ ප්‍රීතියෙන් පිනා යත් වා! ඔබ ඔවුන් රක්නා බැවින් ඔව්හු විපුල සතුටින් උදම් වෙත් වා! ඔබ නම ප්‍රිය කරන්නෝ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔබ සරණ යන්නෝ ප්‍රීතියෙන් පිනා යත් වා! ඔබ ඔවුන් රක්නා බැවින් ඔව්හු විපුල සතුටින් උදම් වෙත් වා! ඔබ නම ප්‍රිය කරන්නෝ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 නුමුත් ඔබ සරණකොට ගන්න සියල්ලෝ සන්තෝෂවෙත්වා, ඔබ ඔවුන් ආරක්ෂාකරන බැවින් සදාකල් ප්‍රීතිනාදකෙරෙත්වා. ඔබගේ නාමයට ප්‍රේමකරන්නෝ ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 5:11
18 හුවමාරු යොමු  

තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු.


එහෙත්, දැහැමියෝ දෙවිඳුන් අබිමුව ප්‍රීති ප්‍රමෝද වෙත් වා! ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයත් වා!


ඔබ සොයා එන්නෝ ප්‍රීති ප්‍රමෝද වී සතුටු වෙත් වා! ඔබේ විමුක්තියට ප්‍රේම කරන්නෝ “හිමි තුමෝ ශ්‍රේෂ්ඨ ය”යි නිරතුරු කියත් වා!


කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද, ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන් වහන්සේ පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේ ය.


ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට උන් වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාවත් ඇසින් නුදුටු, කණින් නොඇසූ, සිතින් නොසිතූ දෙයකි.”


ස්වර්ගයෙනි, සැදැහැවතුනි, ප්‍රේරිතවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.


මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, සවන් දෙන්න, ඇදහිල්ලෙහි ධනවතුන් වන පිණිසත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, උන් වහන්සේ ලෝකයේ දිළිඳුන් තෝරා ගත්තේ කුමක්නිසා ද?


සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.


බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න. නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත. මන්ද, එතුමන් උදහස වහා ඇවිලෙන්නේ ය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.


එතුමන්ගේ සේවක පෙළපත එය උරුම කරගන්නෝ ය. දෙව් නමට පෙම් කරන්නෝ එහි වාසය කරන්නෝ ය.


තණ බිම එළු බැටළු පට්ටිවලින් පිරී ඇත. මිටියාවත් ධන ධාන්‍යයෙන් සපුරාලන සේක. ඒවා ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයයි.


මා නිදහස්වීම ගැන සන්තෝෂ වන අය ප්‍රීති ඝෝෂා පවත්වමින්, යළි යළිත් මෙසේ කියත් වා! “සමිඳාණෝ උසස් වන සේක; තම මෙහෙකරුගේ ජය ගැන එතුමාණෝ ප්‍රීති වන සේක.”


පවිටුන්ට දඬුවම් ලැබෙන විට දැහැමියා ප්‍රීති ප්‍රමෝද වන්නේ ය. දුදන ලෙයින් ඔහු තම පා සෝදා ගන්නේ ය.


ඒ අරුණෝදයෙහි පහන්තරු ගී ගැයී ය. සියලු දෙවි පුත්හු තුති ගොස නැඟුවා හ.


සමිඳුනි, ඔබේ සතුරෝ, මෙලෙස විනාශ වෙත් වා! එහෙත්, ඔබට ප්‍රේම කරන්නෝ විකුමෙන් නැඟී එන හිරු මෙන් වෙත් වා!” හතළිස් වසරක් මුළුල්ලේ දේශයේ සාමය ඇති විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්