Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 44:6 - Sinhala New Revised Version

6 මාගේ දුන්න කෙරෙහි විශ්වාසය නොතබමි. මට විමුක්තිය එන්නේ මාගේ කඩුපතින් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 මාගේ දුන්න කෙරෙහි විශ්වාසය නොතබමි. මට විමුක්තිය එන්නේ මාගේ කඩුපතින් නොවේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 මක්නිසාද මාගේ දුන්න විශ්වාස නොකරන්නෙමි, මාගේ කඩුවද මා නොගළවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 44:6
5 හුවමාරු යොමු  

එහෙත්, මම ජුදා වංශයට අනුකම්පා කරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ඔවුන් ගළවන්නෙමි. එසේ කරන්නේ දුන්නෙන් වත්, කඩුවෙන්‍ වත්, යුද්ධයෙන් වත්, අශ්වයන්ගෙන් හෝ අසරුවන්ගෙන් වත් නොවේ ය”යි වදාළ සේක.


සමහරු යුද රිය කෙරෙහි ද ඔවුන්ගේ අශ්වයන් කෙරෙහි ද විශ්වාසය තබති. එහෙත්, අපි නම් දෙවි සමිඳාණන් කෙරෙහි විශ්වාසය තබමු.


ජය ගැනීමට සමිඳාණන් වහන්සේට කඩුවක් වත්, හෙල්ලයක් වත් වුවමනා නැති බව මුළු සමූහයා දැනගනු ඇත. සටන සමිඳාණන් වහන්සේගේ ය; උන් වහන්සේ ද ඔබ අප අතට පාවා දෙන සේකැ”යි පිලිස්තියයාට කී ය.


මෝසෙස් තමාගේ අත් ඔසවාගෙන සිටි තෙක් ඉශ්රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහතට හෙළූ විට අමලෙක්වරු ජයගත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්