Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 33:10 - Sinhala New Revised Version

10 හිමි තුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක; මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 හිමිතුමාණෝ ජාතීන්ගේ සැලසුම් නිෂ්ප්‍රභා කරන සේක; මනුෂ්‍යය ජාතීන්ගේ සිතුවිලි ව්‍යර්ථ කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ස්වාමීන්වහන්සේ ජාතීන්ගේ මන්ත්‍රණය නිරර්ථක කරනසේක. මනුෂ්‍ය වර්ගයන්ගේ සිතිවිලි නිෂ්ඵල කරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 33:10
23 හුවමාරු යොමු  

මන්ද, ඔබට විරුද්ධ ව ඔවුන් කුමන්ත්‍රණය කළත්, උපා මාර්ග යෙදුවත් ඒවා සාර්ථක නොවනු ඇත.


ශාස්ත්‍රකාරයන් මෝඩයන් කරවන්නේත්, පේන කියන්නන් උමතු කරවන්නේත් මම ය. පණ්ඩිතයන්ගේ වදන් ප්‍රතික්ෂේප කරන්නේත්, ඔවුන්ගේ දැනුම මෝඩකම බව පෙන්වා දෙන්නේත් මම ය.


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


අහිතොපෙල් කුමන්ත්‍රණ කාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත්, “අහෝ සමිඳුනි, අහිතොපෙල්ගේ මන්ත්‍රණය අනුවණකමක් බවට හැරෙවුව මැනවැ”යි කී ය.


සමිඳුනි, දුදනන්ගේ ආසාව ඉටු නොකළ මැනව. ඔවුන්ගේ නපුරු උපා සාර්ථක වන්නට ඉඩ නුදුන මැනව.


විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.


තමාගේ අවවාදය ලෙස නො‍කරන ලද බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම් කොට, පිටත් ව සිය නගරයේ තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, පවුලේ කටයුතු ගැන විධි විධාන යොදා එල්ලී මැරුණේ ය. ඔහු තම පියාගේ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබී ය.


මිසර වැසියන්ගේ උපායයන් මම ව්‍යර්ථ කරන්නෙමි; ඔවුන්ගේ චිත්ත ධෛර්යය බිඳදමන්නෙමි. ඔවුන් දේවතා රූපවලින් උපකාර ඉල්ලනු ඇත; මතුරන්නන්ගෙන් ද කට්ටඩියන්ගෙන් ද අනවිනකාරයන්ගෙන් ද ආත්මබන්ධනකාරයන්ගෙන් ද ගුරුකම් සොයනු ඇත.


ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.


අබ්සලොම් ද සියලු ඉශ්රායෙල් සෙනඟ ද, “අහිතොපෙල්ගේ අවවාදයට වඩා අර්කීය ජාතික හූෂයිගේ අවවාදය හොඳ ය”යි කී හ. සමිඳාණන් වහන්සේ අබ්සලොම් පිට විනාශය පමුණුවන පිණිස, අහිතොපෙල්ගේ හොඳ අවවාදය නිෂ්ප්‍රභා කරන්නට නියම කර තිබුණේ ය.


එහෙත්, ඔබ නගරයට හැරී ගොස්, අබ්සලොම්ට කතා කර, ‘රජතුමනි, මම ඔබේ සේවකයා වෙමි; පළමු ව ඔබේ පියාගේ සේවකයෙකු ව සිටි ලෙස ම දැන් ඔබේ සේවකයෙක් වෙමි’යි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵල කරන්නට ඔබට පුළුවන් වන්නේ ය.


මෙසේ උන් වහන්සේ පොළෝ තලය මත ඔවුන් විසුරුවා හැරිය සේක. ඔව්හු ද නගරය ගොඩනැඟීම නැවැත්වූ හ.


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ද, “සිරියන්වරුන් අසවල් තැනට බැස එන නිසා ඒ ළඟින් නොයන හැටියට බලාගත මැනව”යි ඉශ්රායෙල් රජුට දන්වමින් අනතුරු ඇඟවී ය.


එහෙත්, අපි අපේ දෙවියන් වහන්සේට යාච්ඤා කර, ඔවුන්ගෙන් ආරක්ෂා වන පිණිස රෑ දාවල් දෙක්හි මුර තැබීමු.


මේ ස්ථානයේ දී මම ජුදාහි හා ජෙරුසලමේ වැසියන්ගේ යෝජනා කඩාකප්පල් කර දමා, ඔවුන්ගේ සතුරන් ඉදිරියෙහි කඩුවෙන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන්ගේ අත්වලින් ද ඔවුන් විනාශ වන්නට සලස්වා, ඔවුන්ගේ මළකඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.


‘අපි විජාතීන් මෙන් ද රටවල ගෝත්‍ර මෙන් ද ලීවලටත්, ගල්වලටත් නමස්කාර කරමු’යි නුඹලාගේ සිත්හි ඇති අදහස කිසි කලක ඉටු වන්නේ ම නැත.” ‘


ඒසව්ගේ පරම්පරාවෙන් පැවත එන ඒදොම්වරුන්, “අපේ නගර විනාශ වී ඇතත් අපි නැවත ඒවා ගොඩනඟන්නෙමු”යි කීවොත්, සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “ඔවුන් ගොඩනඟන නමුත් මම නැවත ඒවා කඩාදමන්නෙමි. ඒදොම් වනාහි ‘දුෂ්ට පළාත’ කියා ද ‘සදහට ම සමිඳාණන් වහන්සේගේ උදහසට ලක් වී ඇති ජාතියක්’ කියා ද සෙනඟ කියනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්