Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 18:20 - Sinhala New Revised Version

20 මාගේ දැහැමි ජීවිතය අනුව ද මාගේ ක්‍රියා සුපිරිසිදු වූයෙන් ද සමිඳාණෝ මට ප්‍රතිඵල දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මාගේ දැහැමි ජීවිතය අනුව ද මාගේ ක්‍රියා සුපිරිසිදු වූයෙන් ද සමිඳාණෝ මට ප්‍රතිඵල දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙස මට විපාක දුන්සේක; මාගේ අත්වල පිරිසිදුකම ලෙස මට ප්‍රතිඵල දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 18:20
19 හුවමාරු යොමු  

ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය.


පැළ කළ තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙකා තම තමාගේ වැඩය අනුව නිසි විපාකය ලබන්නේ ය.


ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”


දුෂ්ටයා වංචාවෙන් ලබන දේ මායාවකි. එහෙත් යහපත වපුරන්නාට අස්වැන්නක් නියත ය.


එවිට සෙනඟ මෙසේ කියති: “දැහැමියාට විපාකයක් සත්තට ම හිමි වන්නේ ය; මිහි පිට යුක්තිය ඉටු කරන දෙවිඳාණෝ සැබැවින් ම වැඩ සිටින සේක.”


අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.


සමිඳුන් පොළොවේ සීමා දක්වා මෙසේ ප්‍රකාශ කර ඇත: “අන්න, නුඹේ ගැළවුම්කාරයාණෝ, එතුමාණෝ විපාක දෙන සේක. දිනාගත් දීමනාව ගෙනෙන සේකැ යි ජෙරුසලම් වැසියන්ට ප්‍රකාශ කරන්න.”


මම කතා කරමින්, “මම නිකරුණේ වෙහෙසුණෙමි; මාගේ මුළු ශක්තිය යෙදූ නමුත්, කිසිවක් අත්පත් කර නොගතිමි”යි කීවෙමි. එසේ වුව ද, මාගේ විනිශ්චයය සමිඳුන් අතේ ඇති බවත්, මාගේ විපාකය දෙවිඳුන් අතේ ඇති බවත් මට සහතික ය.


ඔබ නිදොස් ව සිටියොත්, ඔබේ අතින් හරි දේ කළොත්, ඔබට මිදීම ඇත.”


නිදොස් බව දැක්වීමට මාගේ අත් සෝදා, සමිඳුනි, ඔබේ පුදසුන පැදකුණු කරන්නෙමි.


එබැවින්, සමිඳාණෝ මාගේ දැහැමි ක්‍රියා අනුව, මාගේ පිරිසිදු පැවැත්ම අනුව මට ප්‍රතිඵල දුන් සේක.


සමිඳාණෝ සව් සත හට යුක්තිය සලසා දෙන සේක. සමිඳුනි, මාගේ දැහැමිකමත්, අහිංසකකමත් අනුව මා විනිශ්චය කළ මැනව.


සමිඳුනි, මාගේ දෙවියෙනි, කෙනෙකුට යම් අයුක්තියක් මා කර ඇත්නම්,


ඔහු දාවිත්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ මට වඩා දැහැමි ය. මන්ද, මා ඔබට නපුර කළ නමුත්, ඔබ මට යහපත කෙළෙහි ය.


දෙවිඳාණෝ ඔබ විපතින් මුදා, සුරැකෙන තැනක පිහිටුවා ඔබේ කෑම මේසය මංගල භෝජනයෙන් පිරෙවූ සේක.


සමිඳුනි, මට කරුණා කළ මැනව. මම දුකින් මිරිකී සිටිමි. මාගේ දෑස ද ගතසිත ද සෝදුකින් වෑරී ඇත.


මාගේ විපතේ දී සමිඳුන්ට යාච්ඤා කෙළෙමි. සමිඳාණෝ මට පිළිතුරු දෙමින් මා නිදහස් කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්