Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 18:12 - Sinhala New Revised Version

12 එතුමාණන් වෙත වූ උද්දීප්තියෙන් ඝන වලාකුළු ද ගල් වැසි හා ගිනි අඟුරු ද නික්මිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එතුමාණන් වෙත වූ උද්දීප්තියෙන් ඝන වලාකුළු ද ගල් වැසි හා ගිනි අඟුරු ද නික්මිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 උන්වහන්සේ ඉදිරියෙහිවූ දීප්තිය නිසා උන්වහන්සේගේ ඝන වලාකුල් පහව ගියේය; ගල්වැසිද ගිනි අඟුරුද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 18:12
11 හුවමාරු යොමු  

ඔබ ආලෝකය නමැති වස්ත්‍රය හැඳ පැළඳ සිටින සේක; වියනක් මෙන් අහස විහිදාලන සේක.


නැවත සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, මා නුඹ සමඟ කතා කරන විට සෙනඟට ඇසෙන පිණිසත්, ඔවුන් නිතර ම නුඹ විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුළක් මඟින් එන්නෙමි”යි වදාළ සේක. මෝසෙස් සෙනඟ දුන් පිළිතුර සමිඳාණන් වහන්සේට දැන්වී ය.


මම අහස අඳුරු කරන්නෙමි. එය ගෝණි රෙදි හැඳගත් ශෝක වන්නෙකු මෙන් කරන්නෙමි.”


උන් වහන්සේ ඔවුන් අබිමුවෙහි අන්වෙසක් වූ සේක. උන් වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; වස්ත්‍ර ද ආලෝකය මෙන් සුදු විය.


ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.


තවද, ඔවුන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පලා යද්දී, අශේකා දක්වා බෙත්-හෝරොන් පල්ලමේ දී සමිඳාණන් වහන්සේ අහසෙන් විශාල ගල් ඔවුන් පිට හෙළූ සේක; එයින් ඔව්හු මැරුණෝ ය. ගල් වර්ෂාවෙන් නැසුණු අය, ඉශ්රායෙල්වරුන් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූ හ.


අහසින් මහත් ගල් වර්ෂාවක් මනුෂ්‍යයන් පිට වැස්සේ ය. එහි එක එක ගල කිලෝග්‍රෑම් පණහක් පමණ බර විය. ඒ ගල් වර්ෂා වසංගතය එතරම් දරුණු වූ බැවින් මනුෂ්‍යයෝ දෙවියන් වහන්සේට සාප කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්