Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 149:1 - Sinhala New Revised Version

1 සමිඳුන් පසසන්න. සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමන්ගේ පැසසුම් ද ගායනා කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සමිඳාණන් වහන්සේ පසසන්න. සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමාණන්ගේ පැසසුම් ද ගායනා කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන්ට අලුත් ගීතිකාවක්ද ශුද්ධවන්තයන්ගේ සභාවේදී උන්වහන්සේගේ ප්‍රශංසාවද ගායනාකරව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 149:1
15 හුවමාරු යොමු  

එතුමන්ට නව ගීතයක් නඟන්න; මහ හඬකින් දක්ෂ ලෙස වාදනය කරන්න.


ඔව්හු මේ අලුත් ගීතය ගායනා කළහ: “පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් සුදුසු තැනැන් වහන්සේ ඔබ ය. මන්ද, ඔබ මරනු ලැබ, ඒ මරණය නමැති මිලයෙන් සියලු ගෝත්‍රවලින් ද භාෂාවලින් ද ජනයාගෙන් ද ජාතීන්ගෙන් ද මිනිසුන්, දෙවියන් වහන්සේ උදෙසා ලබාගත් සේක.


“මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි, සබ මැද ඔබට පැසසුම් ගී ගයන්නෙමි”යි වදාරන සේක.


සමිඳුන් පසසන්න. සගලෝ සිට සමිඳුන් පසසන්න. උස් තැන්හි දී ඔබ හැම එතුමන් පසසන්න.


සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.


සමිඳුන් හට නව ගීයක් ගයන්න. මුළු ලොව පුරා පැසසුම් පතුරුවා හරින්න. මුහුදේ යාත්‍රා කරන, එහි ජීවත් ව සිටින, ද්වීප හා මුහුදුබඩ වැසියෙනි, සමිඳුන් හට පැසසුම් කරන්න.


දෙවිඳුනි, ඔබට නව ගීයක් ගයන්නෙමි. තත් දසයේ වීණාව ගෙන ඔබට පසස් ගී ගයන්නෙමි.


එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,


සභාව තුළ දෙවිඳාණන් පසසන්න. ඉශ්රායෙල් ජනතාවෙනි, සමිඳාණන් පසසන්න.


මහා සභාවේ මාගේ ප්‍රශංසාවේ තේමාව ඔබ ය. එතුමන්ට ගරුබිය ඇති අය අබිමුව මාගේ භාර ඉටු කරන්නෙමි.


ඔබේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි; බැතිමතුන්ගේ සභාවේ දී ඔබට ප්‍රශංසා කරන්නෙමි.


අහෝ සමිඳුනි! ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය. සුරලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය.


සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.


සමිඳුන් පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි.


එවිට මම මහා සභාවේ දී ඔබට තුති පුදන්නෙමි; විසල් ජනකායක් අබිමුව ඔබට පැසසුම් කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්