Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 140:9 - Sinhala New Revised Version

9 මා වට කරගෙන සිටින අයට ජය ගන්නට ඉඩ නොදෙන්න. ඔවුන්ගේ තර්ජන ඔවුන් පිට ම වැටේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මා වට කරගෙන සිටින අයට ජය ගන්නට ඉඩ නොදෙන්න. ඔවුන්ගේ තර්ජන ඔවුන් පිට ම වැටේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 මා වටකරගන සිටින්නන්ගේ හිස තමුන්ගේම තොල්වල නපුරුකමින් වැසේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 140:9
11 හුවමාරු යොමු  

ඔවුන් කළ නපුර ඔවුන් පිට ම ආපසු එයි, ඔවුන්ගේ ඒ දුෂ්ටකම ද ඔවුන්ට ම යළි පටිසන් දෙයි.


අඥානයාගේ කට ඔහුගේ විනාශය වේ; ඔහුගේ ම වචන ඔහුට ම උගුලක් වේ.


දුෂ්ටයාගේ මුසා බස් ඔහුට ම මලපතක් වෙයි; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් ජය ගනියි.


සුදනන්ගේ කතාව ජීවන උල්පතකි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවී ඇත.


දැහැමියන්ගේ හිස මත ආසිරි පැතිරෙයි; දුදනන්ගේ වචනවල සැහැසිකම සැඟවෙයි.


එතුමාණෝ ඔවුන්ගේ අදමිටුකමට දඬුවම් කරන සේක. ඔවුන්ගේ නපුරුකම නිසා ඔවුන් නසා වනසාලන සේක. අපේ දෙවි සමිඳාණෝ ඔවුන් විනාශ කරන සේක.


අති උත්තමයාණෝ මුසා දොඩන්නන් වනසන සේක. ඔවුන් දකින සියල්ලෝ හිස් වනන්නෝ ය.


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සාදන ලද එල්ලුම් ගහේ ම හාමාන් එල්ලා දමනු ලැබී ය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳිණි.


මුළු සමූහයා උත්තර දෙමින්, “ඔහුගේ ලේවල පල විපාකය අප පිට ද අපේ දරුවන් පිට ද වේ වා”යි කී හ.


එකල ඔහුගේ බිරිඳ වන සෙරෙෂ් ද ඔහුගේ සියලු මිත්‍රයෝ ද ඔහුට කතා කොට, “මීටර් විසිදෙකක් උස එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි එහි එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කතා කර, ඉන්පසු රජු සමඟ මංගල භෝජනයට ප්‍රීතියෙන් යන්නැ”යි කීවෝ ය. ඒ කීමට හාමාන් ප්‍රසන්න ව එල්ලුම් ගහ ඉදි කරවී ය.


‘අපි ජයගත්තේ අපේ අතිනි. මෙය කෙළේ සමිඳාණන් නොව, අපි ම ය’යි සතුරන් වරදවා කියා මා උදහසට පත් නොකරනු වස්, මම එසේ නොකෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්