Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 124:3 - Sinhala New Revised Version

3 ඔවුන්ගේ උදහස අපට විරුද්ධ ව ඇවුළුණු කල, අප පණපිටින් ගිල ගන්නට ඔවුන්ට ඉඩ තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔවුන්ගේ උදහස අපට විරුද්ධ ව ඇවුළුණු කල, අප පණපිටින් ගිල ගන්නට ඔවුන්ට ඉඩ තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔවුන්ගේ උදහස අපට විරුද්ධව ඇවුළුණු කල, ඔවුන් අප පණපිටින් ගිලගන්ට තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 124:3
18 හුවමාරු යොමු  

ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බ වුණොත්, ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ ධර්මශාලාවට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් බලපත්‍ර ඉල්ලාගත්තේ ය.


එකල හෙරොද් තෙමේ ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, අතිශයින් උදහස් විය. එවිට ඔහු ශාස්ත්‍රවන්තයන්ගෙන් විමසා, හරියාකාර දැනගත් කාලය අනුව, දෑවුරුදු වයස් වූ ද, ඊට බාල වූ ද, බෙත්ලෙහෙම හා ඒ අවට මුළු පෙදෙසෙහි සිටි සියලු පිරිමි දරුවන් මරාදැමීමට අණ කෙළේ ය.


ඒ ඇසූ නෙබුකද්නෙශර් අතිශයෙන් කෝපාවිෂ්ට විය. ෂද්‍රක්, මේෂක් හා අබෙද්නෙගෝ දෙස ඔහුගේ මුහුණේ බැල්ම වෙනස් වී ගිනි උදුන සාමාන්‍ය ප්‍රමාණයට වඩා සත් ගුණයක් රත් කරන්නට නියම කෙළේ ය.


මා පෙළන අයගෙන් මා මුදාලීමට එතුමාණෝ සගලොවින් පිහිට එවන සේක. දෙවිඳාණෝ තමන් කරුණාවත්, සත්‍යතාවත් එවන සේක.


“අපේ වැඩේ හරි”යි ඔව්හු නොකියත් වා! “අප ඔහු කා දැම්මා” කියා ඔව්හු නොකියත් වා!


දුදනන් වන මාගේ විරුද්ධකාරයෝ සහ සතුරෝ මා කා දමන පිණිස ආ කල ඔව්හු පැකිළී වැටුණෝ ය.


“බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් තෙමේ ජෙරුසලම විනාශ කර, පාගා, පොඩි කරදමා එය හිස් භාජනයක් මෙන් කරනු ඇත. ඔහු රකුසෙකු මෙන් ජෙරුසලම ගිලදමා, එහි ප්‍රිය වූ දේවලින් තමාගේ කුස පුරවාගෙන ඉතිරි හරිය ඉවතට විසි කෙළේ ය.


පාතාලය මෙන් අපි ඔවුන් පණපිටින් ගිලදමමු; නිවැරදි වුව ද, ඔවුන් අපායට බසින්නවුන් මෙන් වනු ඇත.


ඔව්හු කතා කොට, “එන්න, ඉශ්රායෙල් නාමය මින් මතු සිහි නොවන පිණිස ඒ මුළු ජාතිය ම වනසාලමු”යි කියන්නෝ ය.


මිනිසාගේ උදහසින් පවා ඔබේ මහිමය වැඩි වන්නේ ය. ඒ උදහසින් මිදෙන අය ඔබේ මංගල්‍යය පවත්වන්නෝ ය.


“අපි ඔවුන් සියල්ලන් සම්පූර්ණයෙන් විනාශ කරමු”යි ඔවුන් සිතාගෙන මුළු රටෙහි දහම් හල් ගිනිබත් කළහ.


එහෙත්, මොර්දෙකයිගේ ජාතිය කුමක් දැ යි ඔහු දැනගත් විට, ඔහු පමණක් මැරීම නොසෑහේ යයි ඔහු සිතී ය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟ වන සියලු ජුදෙව්වරුන් විනාශ කරන්නට අධිෂ්ඨාන කරගත්තේ ය.


සමිඳාණන් වහන්සේ ද ජෝනා ගිලගන්න පිණිස මහා මත්ස්‍යයෙකු සූදානම් කළ සේක. ඒ මත්ස්‍යයාගේ කුස තුළ ජෝනා දාවල් තුනක් ද රෑ තුනක් ද සිටියේ ය.


සත්තට ම ඒකමතික ව ඔව්හු කුමන්ත්‍රණය කරන්නෝ ය; ඔබට විරුද්ධ ව පෙරමුණු බඳින්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්