Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 121:3 - Sinhala New Revised Version

3 එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක. අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එතුමාණෝ ඔබ පය පැකිළෙන්නට ඉඩ නොදෙන සේක. අවදි ව සිටිමින් ඔබ නිතින් රැක බලාගන්න සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙනසේක. නුඹ ආරක්ෂාකරන තැනන්වහන්සේ නොනිදනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 121:3
11 හුවමාරු යොමු  

සමිඳාණෝ ඔබ සුරක්නා සේක; ඔබේ දෙපා උගුලට අසු නොවන සේ රක්නා සේක.


එවිට ඔබේ දෙපා නොපැකිළ, ඔබ සුව සේ ජීවන මඟ යනු ඇත;


එතුමාණෝ තම සුදනන්ගේ දිවි රක්නා සේක; එහෙත්, දුදනෝ අඳුරෙහි වැනසෙන්නෝ ය. සිය සවියෙන් පමණක් කිසිවෙක් ජය නොගන්නේ ය.


“එහි රැකවරණයාණෝ සමිඳාණන් වන මම ය. මම එය ජලයෙන් නිතර සාරවත් කරන්නෙමි. කිසිවෙකු එයට හානි නොකරන පිණිස මම එය මුර කරන්නෙමි.


ඔබ දෙපා, ගල්වල නොහැප්පෙන පිණිස, ඔව්හු සිය’තින් ඔබ උසුලාගන්නෝ ය.


සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම්, එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිඳාණෝ නගරය රැක බලා නොගන්න සේක් නම්, මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති.


දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය.


එතුමාණෝ ජීවතුන් අතර අප රැක ගත් සේක; අපේ පාද නොපැකිළෙන්නට සැලැසූ සේක.


සමිඳාණෝ යුක්ති මාවත ආරක්ෂා කරන සේක; බැතිමතුන්ගේ මාර්ගය රැකවල් කරන සේක.


සමිඳාණෝ ඔහු රක්නා සේක; ඔහුට රැකවරණය දෙන සේක; මිහි මත ඔහුට ආසිරි දෙන සේක; සමිඳාණෝ සතුරන් අතට ඔහු පාවා නොදෙන සේක.


දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්