Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:30 - Sinhala New Revised Version

30 සත්‍ය මාර්ගය මම තෝරාගතිමි. ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 සත්‍ය මාර්ගය මම තෝරාගතිමි. ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 විශ්වාසකමේ මාර්ගය තෝරාගතිමි. ඔබගේ විනිශ්චයන් මා ඉදිරියෙහි තබාගතිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:30
16 හුවමාරු යොමු  

ඔබ කවදත් දැනුම හෙළා දුටුවහු ය; දේව ගරුබිය එපා කළහු ය.


එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත; එය ඈ කෙරෙන් පැහැරගනු නොලැබේ ය”යි වදාළ සේක.


වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව.


සැබැවින් ම සමිඳාණන් වහන්සේ යහපත් බව ඔබ අත්දැකීමෙන් දන්නා බැවින්, ඔබ වර්ධනය වී ගැළවීම ලබන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් පිරිසිදු ආධ්‍යාත්මික කිරිවලට බොහෝ සෙයින් ආශා වන්න.


පියාණන් වහන්සේගෙන් අප ලැබූ ආඥාව පරිදි, ඔබගේ දරුවන්ගෙන් සමහර දෙනෙකු සත්‍යය අනුව ජීවත් වනු දැක ඉතා ප්‍රීති වීමි.


ඔබේ ශික්ෂා පද සදහට ම උරුම කොටගතිමි. ඒවා මසිතට ප්‍රීතිය ගෙන දෙයි.


ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය.


සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ සතුටු නැත් නම්, ඔබ වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම්පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම්පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි, එනම්, මාගේ පවුල ද, මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.”


මා ඔබට සත්‍යය පවසන බැවින් ඔබ මා විශ්වාස නොකරන්නහු ය.


ඔබේ හස්තය මට උපකාර පිණිස සූදානම් වේ වා! මම ඔබේ නියෝග අනුව යමි.


සමිඳුනි, ආදියේ සිට පැවති ඔබේ විනිසුම් සිහි කොට සැනසීම ලබා ගතිමි.


අද දින මා ඔබට දෙන මේ අණපණත් සිතේ ධාරණය කරගත යුතු ය.


එතුමන්ගේ සියලු නියෝග මා ඉදිරියෙහි තබාගතිමි. එතුමන්ගේ ආඥා අත් නොහළෙමි.


මම එතුමන් අබිමුවෙහි නිදොස් ව සිටියෙමි; පවින් වැළකී සිටියෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්