Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:174 - Sinhala New Revised Version

174 සමිඳුනි, මම ඔබ දෙන ගැළවීමට ආසා වෙමි. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

174 සමිඳුනි, මම ඔබ දෙන ගැළවීමට ආසා වෙමි. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

174 ස්වාමිනි, මම ඔබ දෙන ගැළවීම ගැන ආශාවෙමි; ඔබගේ ව්‍යවස්ථාවද මාගේ ප්‍රීතියය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:174
17 හුවමාරු යොමු  

ඔබේ නියමවලට ප්‍රිය වන්නෙමි; ඔබේ වචනය අමතක නොකරන්නෙමි.


මහා නිධානයක් ලබන කෙනෙකු මෙන් මම ඔබේ පොරොන්දුව ගැන ප්‍රීතිමත් වෙමි.


ඔබේ ශික්ෂා පද සදහට ම උරුම කොටගතිමි. ඒවා මසිතට ප්‍රීතිය ගෙන දෙයි.


මා සිත් ගත් ඔබේ ආඥාවන් කෙරෙහි ප්‍රීති වන්නෙමි.


සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.


මම මේ දෙක මැද හිර වී සිටිමි. මාගේ ආශාව නම් මෙලොවින් තුරන් වී ගොස්, ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය. මෙය වඩාත් හොඳ ය.


පැතූ දෙය පමා වීමෙන් සිත කලකිරෙයි; පැතුම ඉටු වීම ජීවන වෘක්ෂයකි.


මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි.


මා ජීවත් වන පිණිස මට අනුකම්පා කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ.


ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය.


සැබැවින් මාගේ වංශය දෙවිඳුන් ඉදිරියෙහි එසේ ම නො‍පවතින්නේ ද? මන්ද, සියල්ල නියම ලෙස ස්ථිර කර තිබෙන සදාකාල ගිවිසුමක් එතුමාණෝ මා සමඟ කළ සේක. මාගේ මුළු ගැළවීමත්, මට රිසි සියල්ලත් එතුමාණෝ සඵල වන්නට නො‍සලසන සේක් ද?


අහෝ සමිඳුනි, ඔබ ගැළවීම මම බලා සිටිමි.


ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා ඔබට හමු වුවොත්, මා ප්‍රේමාතුර ව සිටින බව ඔහුට දන්වන බවට මට දිවුරා කියන්න.


සමිඳුනි, ඔබේ පොරොන්දුව පරිදි ඔබේ තිර පෙම පෙන්වා වදාළ මැනව. එනම්, ඔබේ ගැළවීම මා වෙත එවා වදාළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්