Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:147 - Sinhala New Revised Version

147 මම අලුයමට පෙර නැඟිට මොරගැසීමි; ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තු වීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

147 මම අලුයමට පෙර නැඟිට මොරගැසීමි; ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තු වීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

147 මම අලුයමට පළමුවෙන් නැගිට මොරගැසීමි, ඔබගේ වචන කෙරෙහි බලාපොරොත්තුවීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:147
15 හුවමාරු යොමු  

හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක.


සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; අරුණ’ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි.


සමිඳුනි, මම ඔබට හඬගසන්නෙමි; අලුයම මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා!


මගේ සිත ඔබේ ගැළවීමට ආශාවෙන් වැහැරී යයි. මම ඔබේ පොරොන්දු කෙරෙහි බලාපොරොත්තු වෙමි.


ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය. මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.


මම දෙවිඳුන්ගේ වචනය පසසන්නෙමි; මම නොබිය ව, එතුමන් තුළ විශ්වාසය තබන්නෙමි. සතුරන් විසින් මට කරනු ලැබිය හැකි දෙයක් ඇද් ද?


එබැවින් හිමි තුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා! රෑ යාමවල දී එතුමන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා!


රාත්‍රියේ දී මාගේ මුළු සිතින් මම ඔබට ආසා කරමි. ඉතා ආශාවෙන් අලුයම් වේලේ මම ඔබ සොයන්නෙමි. ඔබ පොළොව සහ එහි සෙනඟ විනිශ්චය කරන කල යුක්තිය කුමක් දැ යි ඔව්හු දැනගන්නෝ ය.


එම්බා කුඩා වීණාව! මහා වීණාව, පිබිදෙන්න! එවිට මම උදා හිරු අවදි කරන්නෙමි.


මාගේ හදවත, අවදි වන්න! එම්බා! කුඩා වීණාව, මහා වීණාව, පිබිදෙන්න! එවිට මම උදාහිරු අවදි කරන්නෙමි.


ඔබ සැප සම්පත් රැගෙන ඔහු වෙත එන සේක; ඔහුට පිවිතුරු රන් කිරුළක් පළඳවන සේක.


මාගේ අයැදුම ඔබ වෙත පැමිණේ වා! මාගේ හඬට සවන් දුන මැනව.


සත්‍ය වචනය මාගේ මුවින් ඉවත් නොකළ මැනව. මන්ද, ඔබේ විනිශ්චයයන් තුළ මම මාගේ බලාපොරොත්තුව තබමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්