Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 107:12 - Sinhala New Revised Version

12 බර වැඩ නිසා ඔව්හු අධික වෙහෙසට පත් වූ හ. ඔව්හු ඇද වැටුණෝ ය, පිහිට වන්න කිසිවෙක් නො වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 බර වැඩ නිසා ඔව්හු අධික වෙහෙසට පත් වූ හ. ඔව්හු ඇද වැටුණෝ ය, පිහිට වන්න කිසිවෙක් නො වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ඒ නිසා උන්වහන්සේ වෙහෙස පැමිණවීමෙන් ඔවුන්ගේ සිත් පහත්කළසේක. ඔව්හු වැටුණෝය, පිහිටවෙන්ට කිසිවෙක් නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 107:12
19 හුවමාරු යොමු  

මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ පීඩිතකම ඉතා බරපතල බවත්, දාසයන් ද නිර්දාසයන් ද නැති වී ගිය බවත්, ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන්නට කෙනෙකු නැති බවත් සමිඳාණන් වහන්සේ දුටු සේක.


ඔහු ඔවුන් සමඟ කතා කරද්දී ම පණිවුඩකාරයා ඔහු ළඟට ආවේ ය. රජ කතා කොට, “මේ නපුර සමිඳාණන් වහන්සේගෙන් ය; සමිඳාණන් වහන්සේ ගැන මා තවත් බලාපොරොත්තු වන්නේ කුමට දැ”යි ඇසී ය.


අපේ පව් නිසා ඔබ අප කෙරෙහි පත් කළ රජුන්ට දේශයේ අස්වැන්න අයිති වන්නට සලසා ඇත. ඔව්හු සිය කැමැත්ත පරිදි අප කෙරෙහි ද අපේ ගවයන් කෙරෙහි ද බලය පවත්වති. අපි මෙබඳු මහා දුකකින් සිටිමු.


දෙවි තුමන්ගේ උදහස නිරතුරු ව ම පවතිනු ඇත; රාහබ් නම් දියරකුසාගේ සහචරයෝ එතුමන් හට අවනත වෙති.


මම ඇස් යොමා දකුණු දෙස බැලුවෙමි. මා ළඟ මිතුරෙකු නැති බව මට පෙනිණි. මා ආරක්ෂා කරන්න කිසිවෙක් නැත. කිසිවෙක් මා ගැන සලකන්නේ නැත.


දුක් කරදර ළඟ ළඟ ඇත. ම වෙතින් ඈත් ව නොගිය මැනව. අන් සරණක් මට නැත.


බොහෝ කලක් ගත වූ පසු, මිසරයේ රජතුමා මියගියේ ය. ඉශ්රායෙල් ජනයා වහල් සේවය නිසා සුසුම්ලමින්, මොරගැසූ හ. ඔවුන්ගේ වහල් සේවය නිසා ම ඔවුන්ගේ කන්නලවුව දෙවියන් වහන්සේ වෙත පැමිණියේ ය.


ඒ කුසලාන නුඹලාට පීඩා කළ අයට එනම්, ‘අප විසින් නුඹලා පාගාගෙන යනු පිණිස බිම වැටී සිටින්නැ’යි කියමින් නුඹලාගේ පිටවල් පාරක් මෙන් සලකා ඒවා උඩින් ගිය අයට එය දෙන්නෙමි.”


දැන් මෙහි බබිලෝනියෙහි මට කුමක් දක්නට ලැබේ ද? කිසි හේතුවක් නැති ව මාගේ සෙනඟ මෙහි වහල් ව සිටිති. ඔවුන්ගේ පාලකයෝ ජය හඬ නඟති; දවස දෙවේලේ මාගේ නාමයට අපහාස කරති.


මා බැලූ කල මට උදව් වන්න කිසිවෙකු නොසිටි බව දුටු විට මම පුදුම වීමි. එහෙත්, මාගේ කෝපයෙන් මම වේගවත් ව මාගේ ම ශක්තියෙන් ජය අත්කර ගතිමි.


එහෙත්, පිලිස්තිවරු ඔහු අල්ලාගෙන, ඔහුගේ ඇස් උගුලාදමා, ගාසා නගරයට ගෙන ගොස්, ලෝකඩ දම්වැල්වලින් ඔහු බැන්දෝ ය.


පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වා”යි කියා තමාගේ මුළු ශක්තියෙන් ඉදිරියට නැඹුරු වූයේ ය. එවිට ගෘහය, අධිපතීන් සහ එහි සිටි සියලු සෙනඟ පිට කඩාවැටුණේ ය. මෙසේ ඔහු ජීවත් ව සිටිය දී මැරූ අයට වඩා ඔහුගේ මරණයේ දී මැරූ අයගේ ගණන වැඩි විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්